ඇවැත්නි, “රූප ඇත්තේ” යි හෝ “රූප නැත්තේ” යි හෝ “සංඥා ඇත්තේ” යි හෝ “සංඥා නැත්තේ” යි හෝ “නො ම සංඥා ඇත්තේ නො ම සංඥා නැත්තේ” යි හෝ පැනවීමට යමෙකුත් හේතු ද යමෙකුත් ප්‍රත්‍යය ද ඒ හේතුවත් ඒ ප්රත්යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරෙන් සියල්ල ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ නම් පනවන්නෙක් “රූප ඇත්තේ” යි හෝ “රූප නැත්තේ” යි හෝ “සංඥා ඇත්තේ” යි හෝ “සංඥා නැත්තේ” යි හෝ “නො ම සංඥා ඇත්තේ නො ම සංඥා නැත්තේ” යි හෝ කවර හේතුවකින් ඔහු පනවන්නේ ද? (නො පනවන්නේ මැයි.) ...
ආනන්ද, මමත් ‘ආත්මය ඇද්දැ?’ යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය ඇතැ’යි වච්ඡගොත්ත පිරිවැජියාට පැවසූයෙම් නම්, ආනන්ද යම් ඒ මහණ බමුණු කෙනෙක් ශාශ්වත වාද ඇත්තාහු ද මෙය ඔවුන්ගේ ලබ්ධිය වූයේ ය. ආනන්ද, මමත් ‘ආත්මය නැද්දැ?’යි පූළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය නැතැ’යි වච්ඡගොත්ත පිරිවැජ්ජාට පැවසූයෙම් නම්, ආනන්ද, යම් ඒ මහණ බමුණු කෙනෙක් උච්ඡේදවාද ඇත්තාහු ද මෙය ඔවුන්ගේ ලබ්ධිය වූයේ ය. ආනන්ද, මමත් ‘ආත්මය ඇද්දැ?’ යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය ඇතැ’යි වච්ඡගොත්ත පිරිවැජියාට පැවසූයෙම් නම්, ආනන්ද ...
වච්ඡ, තා විසින් සැක කරන්නට සුදුසු ම ය. විචිකිච්ඡා කරන්නට සුදුසු ම ය. තොපට සැක කටයුතු තන්හි විචිකිච්ඡාව උපන. වච්ඡ, මම උපාදාන ඇත්තහුගේ උපත පනවමි. උපාදාන රහිත වූවහුගේ (උපත) නො පනවමි. වච්ඡ, යම් සේ ගින්න දර සහිත වූයේ දිලේ ද, දර රහිත වූයේ නො දිලේ ද, වච්ඡ, එසෙයින් ම මම උපාදාන සහිත වූවහුගේ උපත පනවමි. උපාදාන රහිතයාගේ (උපත) නො පනවමි යි. භවත් ගෞතමයනි, යම් කලෙක ගිනිසිල සුළඟින් මෙහෙයන ලදු ව දුරටත් යේ ද භවත් ගෞතම තෙමේ මෙයට කිමෙක් උපාදාන ය යි පනවා දැ? යි. වච්ඡ, යම් ...
වච්ඡ, අර්හත් සම්මාසම්බුද්ධ වූ තථාගත වනාහී රූපය ආත්මය යි නො දකී. ආත්මය රූප ඇත්තකැ යි හෝ නො දකී. ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකී. රූපයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. වේදනාව ආත්මය යි නො දකී ... සංඥාව … නො දකී ... සංස්කාර … නො දකී. විඥානය ආත්මය යි නො දකී. ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකී. ආත්මයෙහි විඥානය පවතී ය යි හෝ නො දකී. විඥානයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකී. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන්ගේ “ලෝකය ශාශ්වත යයි දු ... සත්ත්වයා මරණින් මතු ...
භවත් මොග්ගල්ලානයෙනි, කිම ඒ ම ජීවය, ඒ ම ශරීරය දැ?යි. වච්ඡයෙනි, ‘ඒ ම ජීවය, ඒ ම ශරීරය’ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ජීවය අනෙකක් ද? ශරීරය අනෙකක් දැ?යි. වච්ඡයෙනි, ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්වයා මරණින් මතු වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්වයා මරණින් මතු වේ’ ය යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්වයා ...