(ආයුෂ්මත් ශාරිපුත්‍රයෝ මෙසේ වදාළහ:) මෙසේ මිහිරි වදන් ඇති තුෂිත දෙව්ලොවින් සැව මවුකුසට පැමිණි, නොහොත් දෙව්ලොවින් ගණ මැදට පැමිණි, හෝ රහත්ගණයා මැදට පැමිණි, නොහොත් රහතුන්ගේ ගණාචාර්‍ය්‍ය බවට පැමිණි ශාස්තෲහු මෙයින් පෙර මා විසින් නො දක්නා ලදහු වෙති (පෙර මේ දර්‍ශනය නො වී යැ යි සේ යැ.) නොහොත් කිසිවක්හු ගේ බසින් නො අසන ලදහු වෙත්. න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ - මෙයින් (මේ සංකස්ස නගරයට බැසීමෙන්) පෙර මෙ - මා විසින් ඒ බුදුහු මේ ...
ආත්මදණ්ඩය ( -තමාගේ කායාදි දුශ්චරිතය) හෙතු කොටගෙන දෘෂ්ටධාර්මිකාදි භය උපන. (එසේ කල්හි) ප්‍රතිවිරුද්ධ වූ ජනයා බලවු. මා විසින් යම්සේ (තමා මැ තම හට) සංවෙග උපදවන ලද ද, (එපරිද්දෙන්) සංවෙගය ප්‍රකාශ කරන්නෙමි. අත්තදණ්ඩා භයං ජාතං - ‘දණ්ඩා’ යනු: දණ්ඩයෝ තිදෙනෙකි: කායදණ්ඩ යැ, වාග්දණ්ඩ යැ, මනොදණ්ඩ යැයි. ත්‍රිවිධ කායදුශ්චරිතය කායදණ්ඩ යැ, චතුර්විධ වාග්දුශ්චරිතය වාග්දණ්ඩ යැ, ත්‍රිවිධ මනොදුශ්චරිතය මනොදණ්ඩ යි. භයං යනු: භය දෙකෙකි: දෘෂ්ට ...
ආදිත්‍යබන්‍ධු වූ මහර්ෂි වූ මුබ පුළුවුස්මි: යොගාවචර මහණ තෙම (කායාදි) ත්‍රිවිධ විවේකය ද (නිවනට කරුණු වූ) බොධිපාක්‍ෂිකධර්‍මය ද කවර කරුණෙකින් දැක (කායාදි) ලෝකයෙහි (රූපාදි) කිසි ධර්‍මයක් උපාදානය නො කෙරෙමින් (රාගාදි කෙලෙසුන්) සන්හිඳුවන්නේ ද? පුච්ඡාමි තං ආදිච්චබන්‍ධු - ‘පුච්ඡා’ යනු පෘච්ඡා තුනෙකි; අදිට්ඨජොතනා පුච්ඡා යැ, දිට්ඨසංසන්දනා පුච්ඡා යැ, විමතිච්ඡෙදනා පුච්ඡා යි. අදිට්ඨජොතනා පුච්ඡා කවර යත්: ධර්‍මයන්ගේ තථලක්‍ෂණය පියවින් නො දන්නා ලද නො දක්නා ලද තුල ...
මහරජ, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව යම් ම කිසිවකු විසින් වේවයි නො ලැබිය හෙන මේ කරුණු පසෙකි. කවර පසෙක යත්: ‘ජරාධර්‍මය නහමක් දිරාව’යි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොවැ යම් ම කිසිවකුන් විසින් වේවයි නො ලැබිය හෙන කරුණෙකි. ව්‍යාධිධර්‍මය නහමක් පෙළාව යි ... මරණ ධර්‍මය නහමක් මියේව යි ... ක්ෂයධර්‍මය නහමක් කිය කෙරේව යි ... නශ්වරධර්‍මය නහමක් ...
ඉක්බිති පසෙනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එක්බිති අන්‍යතර පුරුෂයෙක් පසේනදි කොසොල්රජු වෙත එළැඹියේ ය. එළැඹ පසේනදී කොසොල් රජහුගේ කන්මුලැ “මල්ලිකා දෙවී කලුරිය කළෝ ය”යි සැළ කෙළේ ය. මෙසේ කියත් ම, පසෙනදි කොසලරජු උපන් දුක් ඇතියේ නො සතුටු සිත් ඇතියේ හෙළු කඳ ඇතියේ යටිකුරු මුව ඇතියේ සිතිවිලි සිතනුයේ පිළිබහන් (නුවණක්) නැතියේ හින. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ හටගත් ශොක ඇති නොසතුටු සිත් ඇති හෙළු ...