එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: ආනන්‍දය, හැම ශීලව්‍රතයෙක් දුෂ්කරකාරිකානුයොග සඞ්ඛ්‍යාත ජීවිත වූයේ බඹසර වූයේ වටනහර වූයේ සඵල වේ දැ යි? වහන්ස, මෙහිලා ඒකාන්තවශයෙන් එසේමය යි නොකියැ හෙයි. ආනන්‍දය, එසේ වී නම් බෙදාලවයි. වහන්ස, යම් ශීලව්‍රතයෙක් දුෂ්කරකාරිකානුයොග සඞ්ඛ්‍යාත ජීවිත වේ ද, බඹසර වේ ද, මේ සාරයයි වැටහුනේ වේ ද, එය සෙවුනහුගේ අකුසල් දහම්හු වැඩෙත් නම්, කුසල් ...
එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ‘භවය, භවය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් භවය වේ දැ යි? ආනන්‍දය, කාමධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් කාමභවය කිම, පැණේ ද? වහන්ස, තෙල එසේ නොවේ මැයි. ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. (සහජාත) අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි ...
එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ‘භවය, භවය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් භවය වේ ද? ආනන්‍දය, කාමධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් කාමභවයෙක් කිම, පැණේ ද? වහන්ස, තෙල එසේ නො පැණෙයි. ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාර විඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු, තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි විඥානය පිහිටියේ ය. මෙසේ මතුයෙහි පුනර්භව සඞ්ඛ්‍යාත ...
එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ: ආනන්‍දය, යම් කෙනකුන්ට අනුකම්පා කරව් ද මිත්‍රයෝ වෙත්ව යි, සුහෘදයෝ වෙත්ව යි, නැදිමයිල් දෙපස නෑයෝ වෙත්වයි, භ්‍රාතෘභගින්‍යාදී සාලේ නෑයෝ වෙත්ව යි ඒ යම් කෙනෙක් (තොපගේ බස) ඇසියයුතු කොට හඟිත් ද, ආනන්‍දය, තොප විසින් ඔහු තුන් තැනෙක්හි ලා සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ. කවර තුන් තැනෙක යත්: බුදුන් කෙරෙහි අචෙත්‍යප්‍රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවා ලිය යුතුවහ. ...
එක්බිති අභය ලිච්ඡවී හා පණ්ඩිතකුමාර ලිච්ඡවී හා දෙදෙන ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් අභය ලිච්ඡවී ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල කීය. වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර ‘ඇවිදුනා වූත් සිටුනා වූත් නිදන්නා වූත් නිදිවරන්නා වූත් මට නරතුරු ඥානදර්‍ශනය එළඹ සිටිති’යි සර්‍වඥ යැයි සර්‍වදර්ශී යැ යි නිඃශේෂඥානයක් පිළින කෙරෙයි. හේ පුරාණකර්‍මයන්ගේ තපසින් විගතාන්තභාවය පණවයි. නවකර්‍මයන්ගේ නොකිරීමෙන් සෙතුඝාතය පණවයි. මෙසේ කර්‍මක්‍ෂය ...