එකත්පස් ව හුන් මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. වහන්ස, ‘එකඟ සිතැතියාහට ඥානය ඇත. එකඟ සිත් නැතියාහට ඥානය නැතැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දෙසු දහම මම දීර්‍ඝ-රාත්‍රයෙහි දැන සිටිමි. වහන්ස, කැල ම සමාධිය වේ ද? පසු ව ඥානය වේ ද? නොහොත් කැල ම ඥානය වේ ද? පසු ව ලා සමාධිය වේ දැ යි? එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙබඳු සිතෙක් වී. භාග්‍යවතුන් වහන්සේ ගිලන්ව නැගිසිටි සේක් ගිලන් බැවින් නැගිසිටි නොබෝකල් ඇත සේක. වැලිදු මේ මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ ...
එකත්පස්හි හුන් ඒ ආජීවක ශ්‍රාවක වූ ගැහැවි ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල සැළ කෙළේය. වහන්ස, ආනන්‍දයෙනි, කවර කෙනකුන්ගේ දහම් මොනොවට දෙසන ලද්දේ වේ ද? ලෝකයෙහි කවර කෙනෙක් සුපිළිපන් වෙත් ද? ලෝකයෙහි කවර කෙනෙක් මනා ගති ඇති වෙත් දැ යි? ගැහැවියෙනි, එයින් තා ම මෙහි ලා පුළුවුස්නෙමි. යම් පරිදි තට රිසියේ නම් එපරිදි එය ප්‍රකාශ කරව. ගැහැවියෙනි, ඒ කිමැයි සිතවු ද? යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ද්වෙෂප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් ...
එකත්පස්ව හුන් සන් පිරිවැජි ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල සැළ කෙළේ ය: කියඟ ආනන්‍දයෙනි, තෙපිත් රාගප්‍රහාණය පනවාලවු ද, ද්වෙෂ ප්‍රහාණය ... මොහප්‍රහාණය පනවාලවු දැ’යි. ඇවැත්නි, අපි ම රාගප්‍රහාණය පණවම්හ. ද්වෙෂප්‍රහාණය ... මෝහ ප්‍රහාණය පණවම්හ යි. කිමෙක ඇවැත්නි, තෙපි රාගයෙහි ආදීනව දැක රාගප්‍රහාණය පණවා ලවු ද? කිම ද්වෙෂයෙහි ... කිම? මෝහයෙහි ආදීනව දැක මෝහප්‍රහාණය පණවා ලවු දැ යි. ඇවැත්නි, රාගයෙන් රත්වූයේ, මඩනා ලදුයේ, ගත් සිතැතියේ ආත්මව්‍යාබාධය පිණිස ද සිතයි, පරව්‍යාබාධය පිණිස ද ...
විශාඛාවෙනි, එම අරිසවු මෙසේ නුවණින් සලකයි : “රහත්හු දිවිහිමියෙන් පණිවා හැර පණිවායෙන් වැළකුනාහු බහා තුබූ දඬු ඇත්තාහු බහා තැබූ අවි ඇත්තාහු ලජ්ජා ඇත්තාහු දයාවට පැමිණියාහු සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පීව වෙසෙත්. මම අද මේ රෑ හා මේ දවස හා පණිවා හැර පණිවායෙන් වැළැකියෙම් බහා තැබූ දඬු ඇතියෙම් බහා තැබූ අවි ඇතියෙම් ලජ්ජා ඇතියෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී වූයෙම් වෙසෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස ද විසූයේ වෙයි. රහත්හු ...
මහණෙනි, යම් ද්වේෂයෙක් වේ ද, එ ද අකුශලයෙකි. “ද්විෂ්ට වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් සකස් කරන්නේ වේ ද, එ ද අකුශලය. ද්විෂ්ට වූයේ ද්වේෂයෙන් මඩනා ලද්දේ ද්වේෂයෙන් ගත් සිත් ඇත්තේ “බලවත් වෙමි. බලයෙන් අර්‍ත්ථ ඇතියෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, ධනහානියෙන් වේවයි, ගැරහීමෙන් වේවයි, ගැමින් හෝ රටින් නෙරනායෙන් වේවයි, යම් දුකක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ ද්වේෂයෙන් හැටි ද්වේෂය නිදාන කොට ඇති ද්වේෂය සමුදය කොට ඇති ද්වේෂය ප්‍රත්‍යය ...