අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.2.4.3. ඛෙත්‌ත සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (9) 4. ශ්‍රමණ වර්ගය

මහණෙනි, සීසානා ගෙහෙවියා විසින් කැල ම මේ කළ යුතු දෑ තුණෙක. කවර තුණෙක යත්: මහණෙනි, මෙලොව සීසානා ගෙහෙවි කැල ම ක්‍ෂේත්‍රය මොනොවට සානා ලද්දක් පුවරුවෙන් සම කරණ ලද්දක් කෙරේ ද, ක්‍ෂේත්‍රය මොනොවට සාට තැනක් පුවරු ගා සම කරණ ලද්දක් කොට නිසි කල බිජු පිහිටුවයි. නිසි කල්හි බිජු පිහිටුවා නිසි සමාහි දිය වද්දනුයේත් නෙරනුයේත් වෙයි. මහණෙනි, සානා ගෙහෙවියා විසින් කැල ම මේ කළයුතු දෑ තුණයි. මහණෙනි, එපරිදි ම මහණහු විසින් කැල ම මේ කළ යුතු දෑ තුණෙකි. කවර තුණෙක යත්: අධිශීලශික්‍ෂා ...

3.2.4.2. ගද්‍රභ සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (9) 4. ශ්‍රමණ වර්ගය

මහණෙනි, යම් පිරිදි ගද්‍රභයෙක් “අහම්පම්හා අහම්පම්හා (මම ද ගවයෙමි, මම ද ගවයෙමි යි” යන අනුකරණයෙන් හඬමින්) ගොගණයා පස් පස් ලුහු බඳනේ වේ ද, ගවයන්ට වන පරිද්දෙන් ඔහුට එබඳු පැහැසටහනෙක් නොවෙයි. ගවයන්ට වන පරිද්දෙන් එබඳු හඬෙකුදු නොවෙයි. ගවයන්ට වන පරිදි එබඳු පිය සටහනෙක් ද නොවෙයි. හේ “අහම්පම්හා, අහම්පම්හා ” යි ගවමුළු ම පස් පස් ලුහු බැඳ යන්නේ වෙයි. මහණෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් “මම ද මහණයෙමි, මම ද මහණයෙමි” යි (බෙණෙමින්) බික් සඟුන් පස් පස් ලුහු බැඳ යන්නේ වේ ද, ...

3.2.4.1. සමණ සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (9) 4. ශ්‍රමණ වර්ගය

මහණෙනි, ශ්‍රමණසන්තකවූ මේ ශ්‍රමණකරණියයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාසමාදානය, අධිචිත්තශික්‍ෂාසමාදානය, අධිප්‍රඥා ශික්‍ෂාසමාදාන යි. මහණෙනි, ශ්‍රමණ සන්තක වූ මේ තුන් ශ්‍රමණ කරණීයයෝ යි. මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුය: “අධිශීලශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දයෙක් වෙයි. අධිචිත්තශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දයෙක් වෙයි. අධිප්‍රඥාශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දයෙක් වෙයි” කියා යි. මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.

3.2.3.10. චූළනිකා සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (8) 3. ආනන්‌ද වර්ගය

ආනන්දය, සඳහිරුහු බබලමින් යම්තාක් තැන් ඇවිදුනාහු ද, දිශා බබුලුවත් ද, ඒ තාක් තැන් සහස්‍රීලෝකධාතුයි. ඒ සහස්‍රධාලෝකයෙහි සඳ දහසෙක් ඇත. හිරු දහසෙක් ඇත. සුනෙරු පවුරද දහසෙක් ඇත. දඹදිව් දහසෙක් ඇත. අපරගොයාන දහසෙක් ඇත. උතුරුකුරුදිව් දහසෙක් ඇත. පූර්වවිදෙහ දහසෙක් ඇත. මහාසමුද්‍ර සහස්‍රයෝ සතර දෙනෙක් ඇත. මහාරාජසහස්‍රයෝ සතර දෙනෙක් ඇත. චාතුර්මහාරාජික සහස්‍රයෙක් ඇත. ත්‍රයත්‍රිංශත් දේවලෝක සහස්‍රයෙක් ඇත. යාම දේවලෝක සහස්‍රයෙක් ඇත. තුෂිත දේවලෝක සහස්‍රයෙක් ඇත. නිර්මාණරතී දේවලෝක ...

3.2.3.9. ගන්‌ධජාත සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (8) 3. ආනන්‌ද වර්ගය

ආනන්‍දය, මෙලොව යම් ගමෙක වේවයි, නියම් ගමෙක වේවයි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, පණිවායෙන් දුරුවූයේ වේ ද, අයිනාදනින් දුරුවූයේ වේ ද, කාමයෙහි මිස හසරින් දුරුවූයේ වේ ද, මුසවායෙන් දුරුවූයේ වේ ද, පමාවරදට කරුණු වූ රහමෙරමදින් දුරුවූයේ වේ ද, සිල්වත් වේ ද, කලණදහම් ඇතියේ වේ ද, පැහු මලමසුරු ඇති සිතින් ගිහිගෙහි වෙසේ ද, මුදා දෙන ත්‍යාග ඇතියේ ද, දෙනුවට දෙවි අත් ඇතියේ වේ ද, දීමෙහි ඇලුනේ වේ ද, යදනට නිසිවූයේ වේ ද, දන් හා ...