ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය උපදනේ ද, උපන් හෝ රාගය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ වේ ද, එයට හේතු කවරේ යැ, ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු සුභනිමිත්තය යි කිය යුතු ය. සුභනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද රාගය උපදනේ ය. උපන්නා වූ ද රාගය භූයොභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය උපදනේ ද, උපන් හෝ රාගය භූයොභවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වෙයි. ඇවැත්නි, යම් ...
මහණෙනි, ‘අතීතකාලය මෙසේ වීය’යි අතීත අද්ධානය අරභයා කථා කියන්නේය. මහණෙනි, ‘අනාගත කාලය මෙසේ වේය’යි අනාගත අද්ධානය අරභයා කථා කියන්නේය. මහණෙනි, ‘දැන් ප්‍රත්‍යුත්පන්නය මෙසේය’යි දැන් ප්‍රත්‍යුත්පන්නය හෝ අරභයා කථා කියන්නේ ය. මහණෙනි, පුග්ගලයා “කථායෙහි යෝග්‍ය වේ ද, නොහොත් කථායෙහි අයෝග්‍ය වේ දැ”යි කථාසම්ප්‍රයෝගයෙන් දතයුතුය. මහණෙනි, ඉදින් ප්‍රශ්න කරණ ලද මේ පුද්ගලයා ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් නො විසඳා ද, විභාග කොට විසඳිය යුතු ප්‍රශ්නය විභාග ...
සාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, පරම්පරාකථායෙනුදු නො ගණුව, (තෙල මෙසේ වේ ල යන මේ) ඉතිකිරා කථායෙනුදු නො ගණුව, (අපගේ පෙළ හා සැසඳෙතී යන) පිටක සම්පදානයෙනුදු නො ගණුව, තර්‍කග්‍රාහයෙනුදු නො ගණුව, නයග්‍රාහයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, (අප ඉවසූ දෘෂ්ටිය හා සැසඳෙතී යන) දෘෂ්ටිනිර්ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්‍යරූපභාවයෙනුදු නො ගණුව, මේ මහණහු අප ගුරුහ යන හේතුයෙනුදු නො ගණුව, සාළ්හයෙනි, යම් කලෙක තෙපි “මේ දහම්හු අකුසල්හ ...
කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැන ම තොපට විචිකිත්සාව උපන. කලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව, පරම්පරාකථායෙනුදු නොගණුව, තෙල මෙසේ වී ලැ යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ යි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, මේ මහණ අපට ගුරුහයි ද ...
පිරිවැජියෙනි, “සම්‍යක් සම්බුද්ධයෙමියි පිළිණ කරණ තොප විසින් මේ ධර්‍මයෝ අනභිසම්බුද්ධයහ”යී යමෙක් මට මෙසේ කියන්නේ නම්, එහි ලා මම ඔහු අතින් ප්‍රශ්න විචාරන්නෙමි. කරුණු ගන්වන්නෙමි. කරුණු කියන්නෙමි. හෙ මා විසින් මොනොවට විචාරනු ලබන්නේ කරුණු ගන්වනු ලබන්නේ, මොනොවට කියනු ලබන්නේ යම් හෙයෙකින් හෙ සරභ පිරිවැජියා මෙන් අනෙකෙකින් අනෙකක් වසාලන්නේ හෝ වෙයි. බැහැරි කථාවක් ලා ප්‍රස්තුත කථාව බැහැර කරන්නේ හෝ වෙයි. කෝපය ද ද්වේෂය ද නො සතුට ද පහළ කරන්නේ හෝ වෙයි ...