අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.2.2.3. වෙනාගපුර සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (7) 2. මහා වර්ගය

බමුණ, දික් පා ඇති හැඳිය, පයැ වළරූ ගැන්වූ පලඟය, දික් ලොම් ඇති කොඳු පලසය, වීමෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම්මුවා සුදුපුප් ඇතිරිය, ඝනපුප් එළුලොම් ඇතිරිය, පුළුන් ඔත් තිලිය, සිහරූ වගරූ නගා වියන ලද එළුලොම්මුවා ඇතිරිය, (දෙපස දා ඇති) දෙදා ඇතිරිය, (එක්පස දා ඇති) එක් දා ඇතිරිය, රන්කොසුකම් කළ තිහිරිමුවා පසතරණය, රන් හා මුසු කොට කැටි තිහිරිහුයින් වියු පසතරණය, සොළොස් නළුවනට නැටිය හැකි අවන්මහ ඇතිරිය, ඇත් පිට අතුරණ ඇතිරිය, අස්පිට අතුරණ ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන්දිවිසමින් කළ ඇතිරිය ...

3.2.2.2. අමාතා පුත්තික භය සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (7) 2. මහා වර්ගය

මහණෙනි, (මවු පුතුන් උනුන් රැකගත නොහෙන බියයි කියන ලද) මේ අමාතෘපුත්‍රක බිය තුණකැ යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි. කවර තුණෙක යත් : මහණෙනි, යම් කලෙක මහත් අග්නිදාහයෙක් නඟී ද එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මහත් අග්නිදාහයෙක් නැඟී සිටි කල්හි එයින් ගම්හුදු දැවෙති. නියම්ගම්හුදු දැවෙති. නගරයෝ ද දැවෙත්. ගමුදු දැවෙන කල්හි නියම්ගමුදු දැවෙන කල්හි නුවර ද දැවෙන කල්හි එහිලා මවු ද පුතා නොලැබෙයි. පුතාද මව නොලැබෙයි. මහණෙනි, මේ පළමුවන අමාතෘපුත්‍රක භයය යි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි ...

3.2.2.1. තිත්‌ථායතන සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (7) 2. මහා වර්ගය

මහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ” යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණෝ ඇද්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි : ආයුෂ්මත්නි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂා වේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ” යි තෙපි මෙබඳු වාද ඇත්තහු ල, මෙබඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් වේ ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ...

3.2.1.10. සඞ්‌ගාරව සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (6) 1. බ්‍රාහ්‌මණ වර්ගය

බමුණ, මේ පෙළහර තුණෙකි. කවර තුණෙක යත්: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය, ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යය, අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍යය යි. බමුණ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය කවරැ : බ්‍රාහ්මණය, මෙලොව්හි කිසිවෙක් නන්වැදෑරුම් ඍද්ධිප්‍රභෙද වළඳ කෙරෙයි. (තෙමේ) එකලාවූයේ ම බහු ප්‍රකාර වෙයි. බහුප්‍රකාර ද වී එකෙක් වෙයි. විටෙක පැනෙන බවට ද විටෙක නො පැනෙන බවට ද පැමිණෙයි. බිත්තියෙන් ඈතට ද, පවුරෙන් ඈතට ද, පව්වෙන් ඈතට ද අහසෙහි මෙන් නො ගැටී යෙයි. පොළොවෙහි ද දියෙහි මෙන් කිමිදීම් ඉල්පීම් කෙරෙයි. අභිද්‍යාමාන උදකයෙහි දු පොළොවෙහි ...

3.2.1.9. ජාණුස්‌සොණි සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (6) 1. බ්‍රාහ්‌මණ වර්ගය

හේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි උපක්ලේශයන් පහව ගිය කල්හි මෘදු වූ කල්හි කර්‍මයොග්‍ය වූ කල්හි ස්ථිත කල්හි නොසැලෙන බවට පත් වූ කල්හි පෙර විසූ කඳපරපුර දන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නමයි. හේ නන්වැදෑරුම් වූ පෙර විසූ කඳපරපුර සිහි කෙරෙයි. කෙසේය යත් : එක් ජාතියකුදු, ජාති දෙකකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දෙස සහිත වූ නන්වැදෑරුම් වූ පෙර විසූ කඳපරපුර සිහි කෙරෙයි. ඔහු විසින් මේ ප්‍රථම විද්‍යාව ලබන ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන .මොහඳුර නසන ලදි ...