බ්‍රාහ්මණය, බමුණෝ අන්පරිද්දෙකින් ත්‍රිවිද්‍යා ඇති බමුණා පණචත්. ආර්‍ය්‍යවිනයෙහි අන්පරිද්දෙකින් ම ත්‍රිවිද්‍යා ඇත්තේ වේ. භවත් ගෞතමයන් වහන්ස, කිපරිදි ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තේ වේ ද? භවත් ගෞතමයන් වහන්සේ යම් පරිද්දෙකින් ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේ ද, එපරිදි මට ධර්‍මදේශනා කරණසේක් නම් මැනවි. බමුණ, එසේ නම් අසව, මනා කොට මෙනෙහි කරව, කියමි යි. පින්වතුන් වහන්ස, එසේය යි, තිකණ්ණ බමුණු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වී ය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක : බමුණ, මේ සස්නෙහි ...
භවත් ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් මෙසේ කියත් නම්, ‘ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කියති. ‘මට ම දන් දිය යුතු ය. අන්හට දන් නො දිය යුතු ය. ... මාගේ ම සව්වනට දුන් දැය මහත්ඵල වෙයි. අන් සව්වනට දුන් දැය මහත්ඵල නො වෙති’ යි. “කිමෙක? ඔහු භාග්‍යවතුන් වහන්සේ පිලිබඳ වදාරණ ලද්දක් කියන්නාහු වෙත් ද, භවත් ගෞතමයන් වහන්සේට අභූතයෙන් අභ්‍යාඛ්‍යාත නො කෙරෙත් ද? කියුවාට පිළිකියු කියද් ද? කිසියම් සහේතුක වූ වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ඒ ද? අපි වනාහි භවත් ගෞතමයන් වහන්සේ අභ්‍යාඛ්‍යාත නො ...
භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් දැන් මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනී බවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර නො නුවර වේ නම්, දනවු නො දනවු වේ නම්, එයට හේතු කවර? එයට ප්‍රත්‍යය කවර’යි විචාළේ ය. බමුණ, මෙකල වනාහි මනුෂ්‍යයෝ අධර්‍මරාගයෙන් රත් වූවාහු විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වෙති. අධර්‍මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වූ ඔහු තියුණු සැත් ගෙණ උනුන් දිවි තොර කෙරෙත්. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙත්. යම් ...
බමුණ, රාගයෙන් ඇලුනේ රාගයෙන් මැඩුනේ, රාගයෙන් ගත් සිත් ඇත්තේ තමාට පීඩා පිණිස ද සිතයි ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික දුක් දොම්නස් ද විඳියි. රාගය ප්‍රහීණ වත් ම තමාට පීඩා පිණිස ද නො සිතයි, මෙරමාහට පීඩා පිණිස ද නො සිතයි, දෙපසට පීඩා පිණිස ද නො සිතයි. චෛතසික දුක් දොම්නස් ද නො විඳියි. බ්‍රාහ්මණය, මෙසේත් නිර්‍වාණය සාංදෘෂ්ටික වේ. බමුණ, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මෝහයෙන් මැඩුනේ මෝහයෙන් ගත් සිත් ඇත්තේ තමාට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට පීඩා පිණිස ද සිතයි ...
බ්‍රාහ්මණය, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ තමහට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් විඳියි. රාගය ප්‍රහීණ වත් ම තමහට පීඩා පිණිස ද නොම සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද නොම සිතයි. මානසික දුක්දොම්නස් නො ම විඳියි. බ්‍රාහ්මණය, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් කරයි. රාගය ප්‍රහීණ වත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් නො ම කරයි. බමුණ, රාග ...