බ්‍රාහ්මණය, රාගයෙන් ඇලුණේ රාගයෙන් මැඩුනේ රාගයෙන් ගත් සිත් ඇත්තේ, තමාට පීඩා පිණිස ද සිතයි, මෙරමාහට පීඩා පිණිස ද සිතයි, දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික වූ දුක්දොම්නස් විඳියි. රාගය ප්‍රහත වූ කල්හි ආත්ම පීඩාව පිණිස නොම සිතයි. මෙරමාහට පීඩා පිණිස නොම සිතයි. දෙපසට ම පීඩා පිණිස නොම සිතයි. චෛතසික දුක්දොම්නස් නොවිඳියි. බ්‍රාහ්මණය, මෙසේත් ධර්‍මය සාංදෘෂ්ටික වේ. ... බ්‍රාහ්මණය, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මපීඩා පිණිස ද සිතයි ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි, ...
සැබව, බ්‍රාහ්මණයෙනි,තෙපි ජරාජීර්‍ණවහු, වයෝවෘද්ධවහු, මහලුවහු, ගතවයස් ඇතියහු, පැසිම්වියට ද පැමිණියහු, උපතින් එක්සියවිසිහැවිරිදි වහු ම ය. ඒ තෙපිදු නොකළ කලණදහම් ඇත්තහු ය, නොකළ කුසල් ඇත්තහු ය, නොකළ භයපරිත්‍රාණ ඇත්තහු ය. බ්‍රාහ්මණයෙනි, මේ ලෝකය ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු ඇවිළ ගන්නා ලද්දේ ය. බ්‍රාහ්මණයෙනි, මෙසේ ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු ලෝකය ඇවිළ ගණුත් ම, මෙහි කයින් යම් සංයමයෙක් වේ ද, වචනයෙන් යම් සංයමයෙක් වේ ද, වැලිත් මනසින් යම් සංයමයෙක් වේ ද, එය ...
එසමයෙහි ජරා ජීර්‍ණ වයෝ වෘද්ධ දෑ මහලු තුන් විය ඉක්මවා සිටි පැසිම් වියට පැමිණි උපතින් එක්සිය විසි හැවිරිදි දෙබමුණු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ බමුණෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ : ‘භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි ජරාජීර්‍ණ වයෝවෘද්ධ දෑ මහලු තුන් විය ඉක්මවා සිටි පැසිම් වියට පැමිණි උපතින් එක්සියවිසි හැවිරිදි බමුණු වම්හ. ඒ අපිදු නොකරණ ලද කලණ දහම් ...
මහණෙනි, එපරිද්දෙන් ම දහම් තුණෙකින් යුත් ලාමක භික්‍ෂු ගුණවිසින් සාළ ගුණවිසින් නට ආත්මය පිරිවටයි. වරද සහිතයෙක් ද නුවණැත්තන් විසින් දොස් කියයුත්තෙක් ද වෙ යි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙහි පවිටු මහණ විෂමස්ථාන ඇසුරු කෙළේත් ගහනස්ථාන ඇසුරු කෙළේත් බලවතුන් ඇසුරු කෙළේත් වෙයි. මහණෙනි, පවිටු මහණ කෙසේ විෂමස්ථාන ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ විෂම වූ කායකර්‍මයෙන් යුක්ත වෙයි, විෂම වූ වාක්කර්‍මයෙන් යුක්ත වෙයි, විෂම වූ මනඃකර්‍මයෙන් ...
මහණෙනි, කරුණු තුණෙකින් වීර්‍ය්‍යය කට යුතුයි. කවර තුණෙකින යත්: නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නූපදීම පිණිස වීර්‍ය්‍යය කට යුතු. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපැත්ම පිණිස වීර්‍ය්‍යය කට යුතු. උපන් දුක් වූ ත්‍රීව වූ කර්‍කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවිහරණා වූ ශාරීරික වෙදනාවන් ඉවසීම පිණිස වීර්‍ය්‍යය කටයුතුය. මහණෙනි, යම් කලෙක පටන් කොට මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස වීර්‍ය්‍යය කෙරේ ද, නූපන් කුශලධර්‍මයන් ඉපැත්ම පිණිස වීර්‍ය්‍යය කෙරේ ද, උපන් දුක් වූ ත්‍රීව වූ කර්‍කශ වූ කටුක වූ අමිහිරි ...