අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.1.5.9.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 5. චූල වර්ගය

මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහා වෘක්‍ෂයෝ තුන් වැඩුමෙකින් වැඩෙත්. කවර තුණෙකින යත්: ශාඛායෙන් හා පත්‍ර සඞ්ඛ්‍යාත කොළපතරින් වැඩෙත්, පොතුපතරින් වැඩෙත්, ඵලයෙන් හා හරින් හා වැඩෙත්, මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහාවෘක්‍ෂයෝ මේ තුන් වැඩුමෙන් වැඩෙත්. මහණෙනි, එපරිද්දෙන් ම සැදැහැති කුලදෙටුහු නිසා ඇතුළු දෙනේ තුන් වැඩුමෙකින් වැඩෙයි. කවර තුණෙකින යත්: සැදැහැයෙන් වැඩෙයි, ශීලයෙන් වැඩෙයි, ප්‍රඥායෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැති කුලපතිහු නිසා ඇතුළු දෙනේ මේ තුන් වැඩුමින් වැඩෙයි. නොගම් ...

3.1.5.8.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 5. චූල වර්ගය

මහණෙනි, ප්‍රත්‍යයයන් විසින් නො සකස්කළහු (නිර්‍වාණයා) ගේ මේ අසඞ්ඛත ලක්‍ෂණ තුණෙකි. කවර තුනෙක යත්: උපත් නොපැණෙයි, ව්‍යය නොපැණෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය (ජරාව) නො පැණෙයි. මහණෙනි, අසංස්කාර (ධර්‍මයා) ගේ මේ අසංස්කෘත ලක්‍ෂණ තුණයි.

3.1.5.7.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 5. චූල වර්ගය

මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්‍ෂණ තුණෙකි. කවර තුණෙක යත්: ඉපැදීම පැණෙයි, නැස්ම (බිඳීම) පැණෙයි, සිටියහුගේ වෙනස්වීම (නම් වූ ජරාව) පැණෙයි. මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්‍ෂණ තුණයි.

3.1.5.6.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 5. චූල වර්ගය

මහණෙනි, සිල්වත් පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වෙසෙත් ද, එහි මිනිස්සු කරුණු තුණෙකින් බොහෝ පින් ලබත්. කවර තුණෙකින යත්: කයින් ද, වචනයෙන් ද, සිතින් දැයි. මහණෙනි, සිල්වත් වූ පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වසත් නම්, එහි මිනිස්සු මේ කරුණු තුණෙන් බොහෝ පින් ලබත්.

3.1.5.5.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 5. චූල වර්ගය

මහණෙනි, පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද මේ කරුණු තුණෙකි. කවර තුණෙක යත්: මහණෙනි, දානය පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවනලද. මහණෙනි, පැවිද්ද පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද. මහණෙනි, මවුපියඋවටන පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවනලද. මහණෙනි, මොහු තිදෙන පණ්ඩිතයන් විසින් පණවන ලද්දාහු සත්පුරුෂයන් විසින් පණවන ලද්දාහු වෙති යි. ශ්‍රෙෂ්ඨචර්‍ය්‍යා ඇති සත්පුරුෂයන්ගේ දානය ද අහිංසාව ද ශීලසංයමය ද ...