මහණෙනි, මෙබඳු ඉදුහයෙන් ද මෙබඳු සියුමැලියෙන් ද යුත් ඒ මට මේ සිත විය : අශ්‍රැතවත් පෘථග්ජන ජරාව ස්වභාව කොට ඇත්තේ ම ජරාව නො ඉක්ම වූයේ ම ජරාවට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි. ලජ්ජිතවෙයි, පිළිකුල් උපදවයි. වැලි මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම්. ජරාව නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම් ජරාව නො ඉක්ම වූයෙම් ම ජරාවට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, එය මට නිසි නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා ...
‘ඉදින් යම් මිනිසෙක් මා’ බඳු වන්නේ නම්, ඒ මිනිස් පක්‍ෂයෙහි තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය. මහණෙනි, සක්දෙවිඳු විසින් ඒ ගාථා වරදවා ගයන ලදු. මැනැවින් නො ගයන ලදු. වරදවා කියන ලදු. මැනැවින් නො කියන ලදු. ඒ කවරහෙයින යත් : සක්දෙවිඳු වනාහි පහ නො කළ රාග ඇත්තෙක. පහ නො කළ ද්වේෂ ඇත්තෙක. පහ නො කළ මොහ ඇත්තෙක. මහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ මඟබඹසර ඇති, කරණ ලද සිවුමග කටයුතු ඇති, බහා තබන ලද කෙලෙස්බර ඇති ...
මහණෙනි, අඩමසැ තුදුස්වක්හි සිවුමහරජුන්ගේ පුත්‍රයෝ මේ ලෝකය වටාගෙණ ඇවිදිත් : ‘කිම, මිනිසුන් අතුරෙහි බොහෝ දෙනා මවුන් පුදනුවාහු ද, පියන් පුදනුවාහු ද, මහණුන් පුදන්නාහු ද, බමුණන් පුදන්නාහු ද, කුලදෙටුවන් පුදන්නාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපොසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි. මහණෙනි, ඒ පුරපසළොස්වක් පොහෝ දින සිවුමහරජවරු තුමූ ම මේ ලොව වටාගෙණ ඇවිදිත්. ‘කිම, මිනිසුන් අතුරෙහි බොහෝ දෙනා මවුන් පුදන්නාහු ද, පියන් පුදන්නාහු ද, මහණුන් පුදන්නාහු ද, බමුණන් පුදන්නාහු ද, කුලදෙටුවන් පුදන්නාහු ...
මහණෙනි, යමරජ ප්‍රථම දේවදූතයා අනුයෝගවතට නංවා ලබ්ධියෙහි පිහිටුවා කරුණු ගන්වා, කරුණු විචාරා, දෙවන දේවදූතයා අනුයෝගවතට නංවා විචාරයි, කරුණු ගන්වයි, කරුණු විචාරායි : ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි පහළ වූ දෙවන දේවදූතයා නො දිටිහි ද?’ හේ මෙසේ කියි : ‘වහන්ස, නො දිටිමි’යි. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි : ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි රෝගාතුර වූ දුකට පත් වූ හෝ දැඩි ගිලන් වූ සිය මලමූයෙහි ගැළී හෝනා මෙරමා විසින් නගාසිටුවනු ලබන්නා වූ මෙරමා විසින් හොවනු ලබන්නා වූ ...
‘කුමාරය, ‘එය කිමැ’යි සිතයි ද? රාගයෙන් උපන් යම්බඳු පරිදාහයෙන් දැවෙන හෙතෙම දුකසේ හෝනේ නම්, එබඳු කය පිලිබඳ වූ හෝ සිත පිළිබඳ වූ හෝ රාගයෙන් උපන් පරිදාහයෝ ඒ ගෘහපතියාට හෝ ගෘහපතිපුත්‍රයාට හෝ උපදනාහු ද? ‘වහන්ස, එසේය’. ‘කුමාරය, ඒ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍රයා හෝ රාගයෙන් උපන් යම් දැවිල්ලෙකින් හාත්පසින් දැවෙන්නේ දුකසේ හෝනේ නම්, ඒ රාගය තථාගයන් වහන්සේට ප්‍රහතය, උපුටා හළ මුල් ඇත්තේය, (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේය. නැවත නොවැඩීම කරණ ලද්දේය ...