මහණෙනි, යම්සේ නොබුන් කුණු නුවූ අව්සුළඟින් නොපහළ ඇදගත් සාරය ඇති සුවයෙන් හොත් මනා කෙතෙක්හි මොනොවට සහට බිම්හි වපුළ බීජකෙනෙක් වෙත් ද, මේඝය ද සම්‍යක් ධාරාව වර්‍ෂණ කෙරේ ද, මහණෙනි, එසේ ඇතිකල්හි ඒ බීජයෝ (අකුර නැඟීමෙන්) වෘද්ධියට (මුල්බැස ගැණීමෙන්) විරූඪියට (පැතිරීමෙන්) වෛපුල්‍යයට යන්නාහ. මහණෙනි, එපරිද්දෙන් ම ලෝභයෙන් කරන ලද ලෝභයෙන් උපන් ලෝභය නිදාන කොට ඇති ලෝභය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය (පස්කඳ) පහළ වේ ද, ඒ ...
ශාරිපුත්‍රයෙනි, යම් කලෙක පටන්ගෙණ භික්‍ෂුහට සවිඥානක වූ මේ ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවෙත් නම්, බාහිර වූ සියලු නිමිත්තයෙහිදු අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවෙත් නම්, යම් ඵලසමාධියකට ද යම් ඵලප්‍රඥාවකට ද පැමිණ වාසය කරන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, ඒ ඵලසමාධියට ද ඵලප්‍රඥාවට ද පැමිණ වෙසේ නම්, ශාරිපුත්‍රයෙනි, මේ භික්‍ෂු තෘෂ්ණාව සිඳලී ය යි ද, සංයොජන උපුටා හළේ ය යි ද, මනා පිළිවෙතින් මානය සංහිඳවීමෙන් සසරදුක් අවසන් කෙළේය යි ද, කියනු ලැබේ ...
ආනන්‍දයෙනි, යම් පරිද්දෙකින් මේ සවිඥානක ශරීරයෙහි ද, අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, බාහිර වූ ද සියලු රූපාදිනිමිතතයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, යම් බඳු වූ ඵල සමාධියකට ඵලප්‍රඥාවකට පැමිණ වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, එබඳු වූ ද ඵලසමාධියකට ඵලප්‍රඥාවකට පැමිණ වෙසෙන්නේ නම්, ඒ භික්‍ෂූහට එවැනි සමාධිප්‍රතිලාභයෙක් ඇත. වහන්ස, යම් හෙයෙකින් මේ සවිඥානක ශරීරයෙහි ද අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො ...
මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ බ්‍රහ්ම සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ ආහුණෙය්‍ය සහිතයහ. මහණෙනි, ‘බ්‍රහ්ම’ යනු මාපියනට තෙල නමෙකි. මහණෙනි, ‘පුබ්බාචරිය’ යනු මාපියනට තෙල නමෙකි. මහණෙනි, ‘ආහුනෙය්‍ය’ යනු මාපියනට තෙල නමෙකි. ඒ කවර හෙයින යත් : මහණෙනි, මාපියෝ පුත්‍රයන් පල්නාහු ...
මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: අවකුජ්ජපඤ්ඤ පුද්ගලය, උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගලය, පුථුපඤ්ඤ පුද්ගලයි. මහණෙනි, අවකුජ්ජපඤ්ඤ පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත නිතර බණ ඇසීම පිණිස ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඕහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍තථසහිත කොට ව්‍යඤ්ජන සහිත කොට කේවල සම්පූර්‍ණ කොට දහම් දෙසත්. පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත්, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ ...