අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.1.3.9.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 3. පුග්‌ගල වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: අන්‍ධ ය, එකැස් ඇත්තේ ය, දෑස් ඇත්තේ ය යි. මහණෙනි, අන්‍ධ පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයකුට යම්බඳු පැණැසෙකින් නොලත් භොග හෝ ලබන්නේ නම්, ලැබූ භෝග හෝ වඩා ගන්නේ නම්, එබඳු වූ නුවණැසෙක් නොවෙයි. යම් බඳු නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්‍රණීත දහම් දැනගන්නේ නම්, අන්‍යොන්‍ය ප්‍රතිවිරුද්ධ වූ කෘෂණ ශුක්ල ධර්‍මයන් දැනගන්නේ නම්, එබඳු වූ ...

3.1.3.8.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 3. පුග්‌ගල වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙති. කවර තුන් දෙනෙක යත්: ගුථභාණීය, පුප්ඵභාණීය, මධුභාණීය යන මොහුයි. මහණෙනි, ගුථභාණී පුද්ගල තෙමේ කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් සභාවට ගියේ හෝ ගම්පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පිළිවිසීමට හමියට කැඳවන ලද්දේ සාක්‍ෂි කොට පුළුවුස්නා ලද්දේ නොදන්නේ හෝ ‘දන්මි’යි කියයි. දන්නේ හෝ ‘නො දන්මි’ යි කියයි. නො දක්නේ ...

3.1.3.7.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 3. පුග්‌ගල වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි ඇත. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, පිළිකුල් කටයුතු වූ නොසෙවිය යුතු වූ භජනය නොකටයුතු වූ පර්‍ය්‍යුපාසනය නොකටයුතු වූ පුඟුලෙක් ඇත. මහණෙනි, මැදහත්ව දැක්කයුතු, නො සෙවියයුතු භජනය නොකටයුතු පර්‍ය්‍යුපාසනය නොකටයුතු පුඟුලෙක් ඇත. මහණෙනි, සේවනය කටයුතු භජනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුඟුලෙක් ඇත. මහණෙනි, ගැරැහිය යුතු නො සෙවියයුතු නො ඇලියයුතු පුනපුනා නො එළඹිය යුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් දුශ්ශීල වූ ...

3.1.3.6.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 3. පුග්‌ගල වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, නො එළඹියයුතු නො ඇලියයුතු පුනපුනා නො එළඹියයුතු පුද්ගලයෙක් ඇත. මහණෙනි, සේවනය කටයුතු භජනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගලයෙක් ඇත. මහණෙනි, සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගලයෙක් ඇත. හණෙනි, සේවනය නො කටයුතු භජනය නො කටයුතු පර්‍ය්‍යුපාසනය නො කටයුතු පුද්ගලයා කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් ...

3.1.3.5.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 3. පුග්‌ගල වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගලය, විදුලිය බඳු සිත් ඇති පුද්ගලය, විදුරක් බඳු සිත් ඇති පුද්ගල යි. මහණෙනි, පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙලොව්හි කිසි පුඟුලෙක් කිපෙන සුලු වෙයි, දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි, මඳකුදු කියනු ලැබුයේ ම ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය පියයි, තද ව සිටී, කෝපයත් ද්වෙෂයත් නොසතුටත් පහළ කෙරෙයි. මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනා ලද ...