අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.1.3.4.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 3. පුග්‌ගල වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් පුද්ගලයක්හට බොහෝ වහල් වෙති. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, යම් පුඟුලකු වෙත් පැමිණ පුද්ගල තෙමේ බුදුන් සරණ ගියා වේ ද, දහම් සරණ ගියා වේ ද, සඟුන් සරණ ගියා වේ ද, මහණෙනි, මේ ඇදුරු පුද්ගල තෙමේ මේ අතැවැසි පුද්ගලයාහට බොහෝ වහල් වෙයි. තවද මහණෙනි, යම් පුද්ගලයකු වෙත පැමිණ පුද්ගල තෙමේ ‘මේ දුකැ’යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, ‘මේ දුක් ඉපැදීමෙහි හේතුය’යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, ‘මේ දුක් නැති කිරීමැ’යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, ‘මේ දුක් නැති ...

3.1.3.3.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 3. පුග්‌ගල වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුඟුලෙක් දුඃඛ සහිත (කායද්වාරයෙහි උපදනා චෙතනා රාශිය යි කියන ලද) කායසංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත (වාග්ද්වාරයෙහි උපදනා චෙතනා රාශිය යි කියන ලද) වාක්සංස්කාරය මුළු කෙරෙයි. දුඃඛ සහිත (මනොද්වාරයෙහි උපදනා චෙතනා රාශිය යි කියන ලද) මනඃසංස්කාරය පිඬු කෙරෙයි. හේ දුඃඛ සහිත කායසංස්කාරය රැස් කොට, දුඃඛ සහිත වාක්සංස්කාරය මුළු කොට, දුඃඛ සහිත මනඃසංස්කාරය පිඬු කොට දුඃඛ සහිත ...

3.1.3.2.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 3. පුග්‌ගල වර්ගය

මහණෙනි, එපරිද්දෙන් ම ලොව්හි මේ ගිලනුන් බඳු පුද්ගලයෝ තුන්දෙනෙක් විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේ හෝ තථාගතයන් දක්නට නොලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට නොලබන්නේ හෝ කුශලධර්‍මවිෂයෙහි මාර්‍ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට නො පැමිණෙයි. මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් තථාගතයන් දක්නට ලබන්නේ හෝ තථාගතයන් දක්නට නො ලබන්නේ ...

3.1.3.1.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 3. පුග්‌ගල වර්ගය

ඇවැත්නි, සවිට්ඨයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛි ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන්දෙන ලොව්හි විද්‍යමාන වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් තොපට ඉතා මැනැවැයි ප්‍රණීතතරය යි රුස්නේ ය? ... ශාරීපුත්‍රය, මෙහි ලා මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් මෙ තෙමේ වඩා මැනැවයි ද, වඩා ප්‍රණීතය යි ද, ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීම සුකර නො වේ. ශාරීපුත්‍රය, මෙබඳු කරුණෙක් ඇත : “යම් මේ පුද්ගලයෙක් සද්ධාවිමුත්ත වේ ද, හේ ...

3.1.2.10.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 2. රථකාර වර්ගය

මහණෙනි, එපරිද්දෙන් ම ධර්‍ම තුණෙකින් සමන්වාගත මහණ නොබෝ කලෙකින් ම ධර්‍මවිෂයෙහි මහත් බවට විපුල බවට පැමිණෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ නුවණැස් ඇත්තේ ප්‍රඥා ඇත්තේ නිඃශ්‍රය ඇත්තේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නුවණැස් ඇති වේ ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම “මෙය දුකැ”යි තත් වූ පරිද්දෙන් දනී ද - මෙය දුක් නැති කිරීමට යන ප්‍රතිපදා යයි තත් වූ පරිද්දෙන් දනී ද, මහණෙනි, මෙසේ වනාහි මහණ නුවණැස් ඇති වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් විධුර වූයේ වේ ද? මහණෙනි ...