මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වෙණෙඳ නොලැබූ භොග ලබන්නට වේවයි ලැබූ භෝග දියුණු කරන්නට වේවයි අභව්‍යයෙකි. කවර අඞ්ග තුණෙකින යත්: මහණෙනි, මෙලොව්හි වෙණෙඳ පෙරවරු කාලයෙහි සකසා කර්‍මාන්තයෙහි නො සිටුනේ ද, මධ්‍යහ්න කාලයෙහි කර්‍මාන්තයෙහි සකසා නො සිටුනේ ද, සවස් කාලයෙහි කර්‍මාන්තයෙහි සකසා නොසිටුනේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්වාගත වූ වෙණෙඳ නොලත් භොග ලබා ගන්නට වේවයි ලැබූ භොග දියුණු කරනනට වේවයි අභව්‍ය වේ. මහණෙනි, එපරිද්දෙන් ම ධර්‍ම තුණෙකින් ...
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, දෙව්ලොව උපදනා සඳහා මහණගොයුම්හු කෙරෙහි බඹසරවස් වැසෙන්නේ වේ දැ” යි මෙසේ පුළුවුස්නාහු නම්, මහණෙනි, තෙපි මෙසේ පුළුවුස්නා ලද්දහු පීඩිතවන්නහු නොවවු ද, ලජ්ජිතවන්නහු නොවවු ද, ජුගුප්සා ඇත්තහු නොවවු දැ යි. වහන්ස, එසේය. මහණෙනි, මෙසේ තෙපි දිව්‍ය ආයුෂින් පීඩිත වව, ලජ්ජිත වව, හටගත් ජුගුප්සා ඇති වව, දිව්‍ය වූ වර්‍ණයෙන් - දිව්‍ය වූ සුඛයෙන් - දිව්‍ය වූ යශසින් - දිව්‍ය වූ ආධිපත්‍යයෙන් පීඩිත වව, ලජ්ජිත වව, ජුගුප්සා ඇති වව, මහණෙනි, තොප විසින් කැල ම ...
මහණෙනි, මේ ධර්‍මයෝ තුන්දෙනෙක් තමාට පීඩාව පිණිස ද පවත්නාහ. මෙරමාහට පීඩාව පිණිස ද පවත්නාහ. දෙදෙනාහට ම පීඩා පිණිස පවත්නාහ. කවර තුන්දෙනෙක යත්: කායදුශ්චරිත ය වාග්දුශ්චරිත ය මනෝදුශ්චරිත යි. මහණෙනි, මේ ධර්‍මයෝ තුන්දෙන තමාට හිංසාව පිණිස ද පවත්නාහ. මෙරමාහට හිංසාව පිණිස ද, දෙදෙනාහට හිංසාව පිණිස ද පවත්නාහ. මහණෙනි, මේ ධර්‍මයෝ තුන්දෙනෙක් තමාට පීඩා පිණිස ද නො පවත්නාහ. මෙරමාහට පීඩා පිණිස ද නො පවත්නාහ. දෙදෙනාහට ම පීඩා පිණිස නො පවත්නාහ. කවර තුන්දෙනෙක යත්: කායසුචරිතය ...
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත භික්‍ෂු තෙම අවිරුද්ධ ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි. ඔහු විසින් ආස්‍රවයන්ගේ ක්‍ෂයය පිණිස කරුණ ද පටන්ගන්නා ලද්දේ වේ. කවර තුණෙකින යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඉන්‍ද්‍රියයන් විෂයයෙහි රක්නා ලද දොර ඇත්තේ වේ. භොජනයෙහි මාත්‍රඥ වේ. නිදිවැරීමෙහි යෙදුණේ වේ. මහණෙනි, භික්‍ෂු තෙම කෙසේ ඉන්‍ද්‍රිය විෂයයෙහි රක්නා ලද දොර ඇති වේ ද, මහණෙනි, ශාසනයෙහි භික්‍ෂු තෙම ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ වේ අනුබ්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වේ. යම් ...
මහණෙනි, එසමයෙහි ඒ රියකරු ඒකාන්තයෙන් අනෙකෙක් විය හැක්කැ යි තොපට මෙබඳු සිතෙක් විය හෙයි. මහණෙනි, මෙය මෙසේ නො දැක්ක යුතු ම ය. එ සමයෙහි මම ඒ රියකරු වීමි. මහණෙනි, මම වනාහි එකල දැව පිළිබඳ ඇදෙහි දැව පිළිබඳ දොස්හි දැව පිළිබඳ ඵලයෙහි නිපුණයෙකිම් වීමි. මහණෙනි, දැන් වනාහි මම අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූයෙම් කායවඞ්කයන්ගේ ද කායදොෂයන්ගේ ද කායකෂායයන්ගේ ද නිපුණයෙකිම් වෙමි. වාග්වඞ්කයන්ගේ ද වාග්දොෂයන්ගේ ද වාක්කෂායයන්ගේ ද නිපුණයෙකිම් වෙමි. මනොවඞ්කයන්ගේ ද මනොදොෂයන්ගේ ...