මහණෙනි, යම් ඒ දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජෙක් වේ ද, හෙ ද රජකුගෙන් තොර වූ අණසක නො පවත්වයි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් “භාග්‍යවතුන් වහන්සේට වහන්ස, දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විති රජකුහට කවර නම් රජෙක් වේ දැ” යි මෙය කීය. මහණ, ධර්‍මය වේයැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, මෙලොව්හි දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජ තෙමේ ධර්‍මය ම ආශ්‍රය කොට ධර්‍මයට සත්කාර කරමින් ධර්‍මයට ගරු කරමින් ධර්‍මය පුදමින් ධර්‍මය ධ්වජ කොට ඇත්තේ ධර්‍මය කෙතු කොට ඇත්තේ ධර්‍මාධිපත්‍යය ඇත්තේ ...
මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන්දෙනෙක යත්: නිරාශය, ආශංසය, විගතාශ යි. මහණෙනි, නිරාශ පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ ස්වල්ප ආහාරපාන භොජන ඇති දුක්දිවෙල් ඇති, දුකසේ ආහාර වස්ත්‍ර ලබන, සැඬල් කුලයෙහි වේව යි වැදි කුලයෙක වේව යි, කුලුපොතු කුලයෙහි වේව යි, සොම්මර කුලයෙහි වේව යි, පුප්සඬු කුලයෙහි වේව යි, නීචකුලයෙක උපන්නේ වෙයි. හෙතෙමේ ද දුර්‍වර්‍ණ වූ අප්‍රියදර්‍ශන ඇති ලකුණ්ටක වූ බොහෝ ආබාධ ඇති කණෙක් හෝ අත් ...
මහණෙනි, එසෙයින් ම මහණහු විසින් (දිවිහිම්) කොට සිහි කරණුවට නිසි මේ කරුණු තුණෙක් වේ. කවර කරුණු තුණෙක යත්: මහණෙනි, යම් පෙදෙසක දී මහණ තෙමේ කෙහෙරවුලු බා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සසුන් වන්නේ වේ ද, මහණෙනි, මෙය දිවිහිමියෙන් මහණහු විසින් සිහිකටයුතු පළමු වන කරුණය. තවද මහණෙනි, යම් පෙදෙසෙක්හි දී මහණ ‘මෙය දුකැ’යි තත් වූ පරිද්දෙන් දැනගණී ද, ‘මෙය දුක ඉපදීමට හෙතු යැ’යි තත් වූ පරිද්දෙන් දැනගණී ද, ‘මෙය දුඃඛනිරොධයැ’යි තත් වූ පරිද්දෙන් දැනගණී ද, ‘මෙය දුඃඛ නිරොධයට යන ...
මහණෙනි, ධර්ම තුනෙකින් සමන්වාගත ප්‍රසිද්ධ මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවිමිනිස්නට හිත පිණිස, සුව පිණිස පිළිපන්නේ ය. කවර තුණෙකින යත්: (සස්නට) අනුලොම් වූ කායකර්මයෙහි සමාදන් කරවයි, අනුලොම් වූ වාක්කර්මයෙහි සමාදන් කරවයි, අනුලොම් වූ ධර්මයෙහි සමාදන් කරවයි, මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත ප්‍රකට මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවිමිනිස්නට හිත පිණිස, සුව ...
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත වූයේ ත්‍රිවිධ මල නො දැහැ (හිසින්) ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද, එසේ නිරයෙහි (පිහිටියේ) වේ. කවර තුණෙකින් යත්: දුශ්ශීල ද වේ. මොහුගේ දෞශ්ශීල්‍ය මලය ප්‍රහීණ නුවූයේත් වේ. ඊර්ෂ්‍යා ඇත්තේත් වේ. මොහුගේ ඊර්ෂ්‍යාමලය ප්‍රහීණ නුවූයේත් වේ. මසුරුවූයේ ද වේ. ඔහුගේ මසුරු මල නො ම ප්‍රහීණ වූයේ ද වේ. (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූයේ මේ මල තුණ ප්‍රහීණ නො කොට හිසින් ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද එසේ නිරයෙහි (පිහිටියේ) වේ. මහණෙනි, ධර්‍ම තුණෙකින් ...