අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.1.1.9. ඛත සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 1. බාල වර්ගය

මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙම කැණු ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පිරිවටයි. වරද සහිත ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි. කවර තුණෙකින් යත්: කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනොදුශ්චරිතයෙන (යන තුණෙනි) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්වාගත වූ අව්‍යක්ත අසත්පුරුෂ තෙමේ කැණු ගුණ ඇති නටගුණ ඇති ආත්මය පස්වටයි. සදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත ...

3.1.1.8. සබ්‍යාබජ්‌ඣ සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 1. බාල වර්ගය

මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත වූ බාල තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: සදොස් වූ කායකර්‍මයෙන, සදොස් වූ වාක්කර්‍මයෙන, සදොස් වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). නිදොස් වූ කායකර්‍මයෙන, නිදොස් වූ වාක්කර්‍මයෙන, නිදොස් වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුණෙකින් සමන්වාගත වූ බාල තෙමේ දත යුත්තේ නම්, ඒ ධර්‍ම තුණ නේරැ යම් ධර්‍ම තුණෙකින් සමන්වාගත වූ පණ්ඩිත තෙමේ දතයුත්තේ නම්, ඒ ධර්‍ම තුණ සමාදන් කොට ...

3.1.1.7. සාවජ්‌ජ සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 1. බාල වර්ගය

මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත වූ බාල තෙමේ දතයුතු වේ. කවර ධර්‍ම තුණෙකින යත්: වරද සහිත වූ කායකර්‍මයෙන, වරද සහිත වූ වාක්කර්‍මයෙන, වරද සහිත වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්වාගත වූ බාල තෙමේ දතයුතු වෙයි. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: නිරවද්‍ය වූ කායකර්‍මයෙන, නිරවද්‍ය වූ වාක්කර්‍මයෙන, නිරවද්‍ය වූ මනඃකර්‍මයෙන. (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතූ වේ. එහෙයින් ... මහණෙනි, ...

3.1.1.6. අකුසල සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 1. බාල වර්ගය

මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත බාල තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: අකුශල වූ කායකර්‍මයෙන, අකුශල වූ වාක්කර්‍මයෙන, අකුශල වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්වාගත වූ බාල තෙමේ දතයුතු වේ. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත පණ්ඩිත තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: කුශල වූ කායකර්‍මයෙන, කුශල වූ වාක්කර්‍මයෙන, කුශල වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතූ වේ. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ...

3.1.1.5. අයෝනිසෝ සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 1. බාල වර්ගය

මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත බාල තෙමේ දතයුතු ය. කවර තුණෙකින යත්: නුනුවණින් ප්‍රශ්න කරණු වෙයි. නුනුවණින් ප්‍රශ්න විසඳනු වෙයි. පිරිමඬුලු සිලුටු අර්‍ථානුගතපදයෙන් මෙරමා විසින් නුවණින් විසඳන ලද ප්‍රශ්නය සතුටින් නො පිළිගණු වෙයි. (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් යුක්ත වූ බාල තෙමේ දතයුතූ වේ. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: නුවණින් ප්‍රශ්න කරණු වෙයි. නුවණින් ප්‍රශ්න විසඳනු වෙයි. පිරිමඬුලු සිලුටු අර්‍ථානුගත පදව්‍යඤ්ජනයෙන් මෙරමා ...