අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.1.1.4. අච්‌චය සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 1. බාල වර්ගය

මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත බාල තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: වරද වරද විසින් නො දක්නේ ද, වරද වරද විසින් දැක ඇවැතට නිසි (යථාපරාධ දණ්ඩයෙන්) පිළියම් නොකෙරේ ද, අපරාධය දෙසන මෙරමාගේ යථාධර්‍මය නො පිළිගණී ද (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්වාගත බාල තෙමේ දතයුත්තේ ය. හණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත පණ්ඩිත තෙමේ දතයුතු ය. කවර තුණෙකින යත්: වරද වරද විසින් දක්නේ ද, වරද වරද විසින් දැක දහම් වූ පරිදි පිළියම් කෙරේ ද, අපරාධය දෙසන අන්‍යයාගේ අපරාධය ...

3.1.1.3. චින්‌තී සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 1. බාල වර්ගය

මහණෙනි, බාලයාගේ බාලාභිඥානයෝ, බාලනිමිත්තයෝ, බාලචරිතයෝ මොහු තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි බාල තෙම (අභිධ්‍යාදි විසින්) නපුරු සිතිවිලි සිතනුයේ ද වෙයි. නපුරු බස් බණනුයේ ද වෙයි. නපුරු කර්‍ම කරණුයේ ද වෙයි. මහණෙනි, ඉදින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතන සුලුත්, නපුරු බස් බණන සුලුත්, නපුරු කර්‍ම කරණ සුලුත් නොවී නම්, පණ්ඩිතයෝ මේ භවත් බාල ය, අසත්පුරුෂ යයි කවර සැටියෙකින් ඔහු හඳුනාගත හෙත් ද, මහණෙනි, යම් හෙයෙකින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතන සුලුත් වේ ද ...

3.1.1.2. ලක්‌ඛණ සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 1. බාල වර්ගය

මහණෙනි, බාල තෙමේ කර්‍මය ලකුණු කොට ඇතියේ ය. පණ්ඩිත තෙමේ කර්‍මය ලකුණු කොට ඇතියේ ය. ප්‍රඥාව චරිතාපදානයෙන් හොබනී ය. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත වූ බාලයා දතයුතු ය. කවර තුණෙකින යත්: කායදුශ්චරිතයෙන් හා වාග්දුශ්චරිතයෙන් හා මනොදුශ්චරිතයෙන් හා යන තුණෙනි. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්වාගත වූ බාල දතයුතු ය. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතුය: කවර තුණෙකින යත්: කායසුචරිතයෙන් හා වාක්දුචරිතයෙන් හා මනස්සුචරිතයෙන් හා යන තුණෙනි. මහණෙනි, ...

3.1.1.1. භය සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 1. බාල වර්ගය

මහණෙනි, යම් කිසි බිය කෙනෙක් උපදිත් නම් එහැම භීතීහු බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදිත් නම් එහැම උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපසර්‍ග කෙනෙක් උපදිත් නම් එහැම උපසර්‍ගයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. මහණෙනි, රනහුණින් සුසන් ගෙයක් හෝ තණ කරලින් සුසන් ගෙයක් හෝ ගිනි ඇවිළ ගත්තේ, ඇතුළත පිටත සුණුවමින් ගල්වන ලද, වැළැහු සුලං ඇති, පැහැසු කවුළු ඇති, යෙදූ දැල් ...

උද්දාන ගාථා

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » උද්දාන ගාථා

(ප්‍රථම වර්ගයෙහි) වජ්ජ, පධාන, තපනීය - අතපනීය දෙකය, පස්වන උපඤ්ඤාත, සඤ්ඤාෙජනීය, කණ්හ, සුක්ක, චරියා, වස්සූපනායිකාය යි සූත්‍ර (දසයෙකි.) (ද්වීතීයවර්ගයෙහි) බල, බොජ්ඣඞ්ග, ඣාන, ධම්මදේසනා, අධිකරණ, අධම්මචරියා, අකතත්තා, එකංස, අකුසල හා යළි සම්මොස යි සූත්‍ර (දසයෙකි.) (තෘතීය වර්ගයෙහි) බාල, දුට්ඨ, අභාසිත, හා නෙය්‍යත්ථ දෙකය, පටිච්ජන්නකම්මන්ත, මිච්චාදිට්ඨික, සම්මාදිට්ඨික, දුස්සීල, අරඤ්ඤ, විජ්ජාභාගියයයෙනැ යි සූත්‍ර (එකොලොසෙකි) (චතුර්‍තථවර්ගයෙහි) භුමි, දුප්පතිකාර, කිංවාදී, දක්ඛිණෙය්‍ය ...