අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

11–70.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 17. සතළොස්වනවග » රාගපෙය්‍යාලය

මහණෙනි, ද්වෙෂයාගේ ... මොහයාගේ ... ක්‍රොධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්ෂය්‍යාවගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... ශඨභාවයාගේ ... ස්තම්භයාගේ සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ ... ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරොධය පිණිස ... ත්‍යාගය පිණිස ... නිසර්‍ජනය පිණිස ... මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ.

1–10.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 17. සතළොස්වනවග » රාගපෙය්‍යාලය

මහණෙනි, රාගය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ධර්‍මයෝ දෙදෙනෙක් වැඩිය යුත්තාහ. කවර දෙදෙනෙක් යත්: සමථය හා විදර්‍ශනාව හා දෙදෙන ය. මහණෙනි රාගය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ. මහණෙනි රාගයාගේ පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරොධය පිණිස ... ත්‍යාගය පිණිස ... නිසර්‍ජනය පිණිස ... මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ.

11–300.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 17. සතළොස්වනවග » 2. විනය පෙය්‍යාලය

මහණෙනි, කරුණු දෙකක් පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට පාමොක් පණවන ලදී. ... පාමොක් උදෙසුම් පණවන ලදි. ... පාමොක් තැබීම් පණවන ලදි. ... පවාරණා පණවන ලදු ... පවාරණ තැබුම් පණවන ලදී. ... තජ්ජනීය කර්‍මය පණවන ලදී. ... නියස්සකර්‍මය පණවන ලදී. ... පබ්බාජනීයකර්‍මය පණවන ලදී. ... පටිසාරණීයකර්‍මය පණවන ලදී. ... උක්ඛෙපනීයකර්‍මය පණවන ලදී. ... පරිවාසදානය පණවන ලදී. ... මූලායපටිකස්සනය පණවන ලදී. ... මානත්තදානය පණවන ලදී. ... අබ්භානය පණවන ලදී. ... ඔසාරණීයය පණවන ලදී. ... නිස්සාරණීයය ...

1–10.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 17. සතළොස්වනවග » 2. විනය පෙය්‍යාලය

මහණෙනි, කරුණු දෙකක් පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදි. කවර දෙකෙක යත්: සඞ්ඝයාගේ සුෂ්ඨුභාවය පිණිස හා සඞ්ඝයාගේ ඵාසුභාවය පිණිස හා යී ... දුසිල් පුඟුලනට නිගා පිණිස හා පෙශල මහණුනට ඵාසුවිහාරය පිණිස හා යී ... ඉහාත්මයෙහි වන ආස්‍රවයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන ආස්‍රවයන් වැළහීම පිණිස හා යි ... ඉහාත්මයෙහි වන වෙරයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන වෙරයන්ගේ වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන දොෂයන්ගේ සංවරය පිණිස හා පරලොව්හි වන දොෂයන්ගේ ...

1–50.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 17. සතළොස්වනවග » 1. අකුශල පෙය්‍යාලය

මහණෙනි, මේ අකුසල් දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ කුසල් දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ සාවද්‍යධර්‍මයෝ දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ අනවද්‍යධර්‍මයෝ දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුක් වඩන දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ සුව වඩන දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුඃඛවිපාක ඇති දහම්හු දෙදෙනෙක් වෙති. … මහණෙනි, මේ සුඛ විපාක ඇති දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුක් සහිත ඇති දහම්හු දෙදෙනෙක් වෙති. … මහණෙනි, මේ නිදුක් දහම්හු දෙදෙනෙක් වෙති. … කවර ...