මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු සුගති නම් වූ, ස්වර්‍ගලොකයට (පටිසන්‍ධි විසින්) පැමිණේ. කවර දෙකෙකින යත්: අක්‍රොධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනීර්ෂය්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකින් සමන්වාගත වූයේ කාබුන් මරණින් මතු සුගති නම් වූ, ස්වර්‍ගලොකයට (පටිසන්‍ධි විසින්) පැමිණේ.
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුගති නම් වූ, විනිපාත නම් වූ නිරයට (පටිසන්‍ධි විසින්) පැමිණේ. කවර දෙකෙකින යත්: ක්‍රොධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්ෂය්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් මේ දහම් දෙකින් සමන්වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුගති නම් වූ ...
මහණෙනි, ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි ය. කවර දෙකෙකින යත්: අක්‍රොධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනීර්ෂය්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ.
මහණෙනි, ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර දෙකෙකින යත්: ක්‍රොධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්ෂය්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් නිරයෙහි වේ.
මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙනෙක් පවතිත්. කවර දෙදෙනෙක යත්: අක්‍රොධය හා අනුපනාහය හා දෙක ය. ... අමක්ඛය හා අපලාසය හා දෙක ය. ... අනීර්ෂය්‍යාව හා අමාත්සර්‍ය්‍යය හා දෙකය. ... අමායාව හා අසාඨෙය්‍ය හා දෙක ය. ... හිරිය හා ඔත්තප්පය හා දෙක ය. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන පවතිත්.