මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙනෙක් පවතිත්. කවර දෙදෙනෙක යත්: ක්‍රොධය හා උපනාහය හා දෙකය. ... මක්ඛය හා පලාසය හා දෙක ය. ... ඊර්ෂය්‍යාව හා මාතසර්‍ය්‍යය හා දෙක ය. ... මායාව හා සාඨෙය්‍ය හා දෙක ය. ... අහිරිකය හා අනොත්තප්පය හා දෙක ය. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන පවතිත්.
මහණෙනි, මේ දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ සුවසේ වෙසෙයි. කවර දෙකෙකින යත්: අක්‍රොධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනිර්ෂය්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්වාගත වූයේ සුවසේ වෙසේ යී.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ දුක සේ වෙසෙයි. කවර දෙකෙකින යත්: ක්‍රොධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්ෂය්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්වාගත වූයේ දුක සේ වෙසේ යි.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: අක්‍රොධය හා අනුපනාහය හා දෙක ය. ... අමක්ඛය හා අපලාසය හා දෙක ය. ... අනිස්සාව හා අමච්ඡරිය හා දෙක ය. ... අමායාව හා අසාඨෙය්‍ය හා දෙකය. ... හිරිය හා ඔත්තප්පය හා දෙක ය. මහණෙනි, ධර්‍මයෝ දෙදෙනා යි.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: ක්‍රොධය හා උපනාහය හා යන දෙක ය. ... මක්ඛය හා පලාසය හා දෙකය. ... ඊර්ෂය්‍යාව හා මාත්සර්‍ය්‍යය හා දෙකය. ... මායාව හා සාඨෙය්‍ය හා දෙකය. ... අහිරිකය හා අනොත්තප්පය හා දෙකය. මහණෙනි, ධර්‍මයෝ දෙදෙනා යි.