කත්පස් ව හුන් අනේපිඬු ගැහැවිහට බුදුහු තෙල වදාළ සේක: ගැහැවිය, ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන දුකසේ ලැබිය හැකි මේ පස් දහම් කෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: ගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩන්නා වූ ආයුෂය දුර්‍ලභ වූයේ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ ශරීරවර්‍ණය දුර්‍ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ කායිකචෛතසික සුඛ ය දුර්‍ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ යශස් (භොගපරිවාර) දුර්‍ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ ස්වර්‍ගයෝ දුර්‍ලභවූවාහු වෙත්. ...
මහණෙනි, කුලයෙහි උපදනා සත්පුරුෂ බොහෝ දෙනහට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දෙ මාපියනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. අඹුදරුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දස් කම්කරුපුරිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. සගයහළුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ. මහණ බමුණනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ. මහණෙනි, යම් සෙ වට මහවැසි හැම සස්වග සපයනුයේ බොහෝ දෙන හට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ ද, එසෙයින් ම මහණෙනි, සත්පුරුෂ කුලයෙහි උපදනේ බොහෝ ...
බුදුහු එකත්පස් ව හුන් අනේපිඬු ගැහැවි හට තෙල වදාළ සේක: ගැහැවිය, භොගයන් පිළිබඳ වූ මේ ආදෙයයෝ (ගතයුතු ප්‍රයොජනයෝ) පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:ගැහැවිය, මෙ ලොව ආර්‍ය්‍යශ්‍රාවක උත්ථානවීර්‍ය්‍යයෙන් (කායිකචෛතසික වීර්‍ය්‍යයෙන්) ලත්, බාහුබලයෙන් රැස් කළ දහදිය නඟා උපයාලූ, දැහැමි වූ දැහැමින් ලැබූ භොගයෙන් තමා සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මාතෘපිතෲන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. පුත්‍රදාර, දාස, කර්‍මකරපුරුෂයන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ ...
මහණෙනි, එ පරිදි සැදැහැති කුලපතිහු නිසා ඇතුළුදෙනො වෘද්ධි පසෙකින් වැඩෙත්. කවර පසෙකින යත්: සැදෑයෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැති කුලපතිහු නිසා ඇතුළුදෙනා මෙ පඤ්ච වෘද්ධීන් වැඩෙති යි. යම් පරිදි වෙනෙහි ශෛලපර්වතයෙක් වේ ද, එ ඇසුරු කොට එ වනසප්තිවෘක්‍ෂයෝ වැඩෙත් ද, එ පරිදි මෙ ලොව්හි සිල්සපන් සැදැහැති කුලපතිහු නිසා පුත්‍රදාරයෝ ද බාන්‍ධවයෝ ද සහජීවීහු ද ඥාතිසමූහයෝ ද ඔහුගේ අනුජීවී කෙනෙක් වෙත් නම් ඔහු ද වැඩෙත්. යම් බඳු ...
මහණෙනි, මාපියෝ මේ කරුණු පස දක්නාහු පුතකු කුලයෙහි උපදනහු කැමැති වෙත්. කවර පසෙක යත්: පුස්නා ලදුයේ අප ද පුස්නේ ය. අපගේ කිස ද කරන්නේ ය. අපගේ කුලපරපුර ද දීර්ඝරාත්‍රයෙහි සිටුනේ ය. දායාද්‍යය පිළිපදනේ ය. වැලිත් කලුරිය කොට පරලොව ගියවුන් උදෙසා (ප්‍රාප්තිදාන කොට) දක්‍ෂිණා දෙන්නේ ය යි. මහණෙනි, මෙ කරුණු පස දක්නා මාපියෝ පුතකු කුලෙහි උපදනහු කැමැති වෙති යි. පණ්ඩිත (මාපියෝ) කරුණු පසක් දක්නාහු පුතකු පතත්. පුස්නාලදුයේ අප ද පුස්නේ ය. අපගේ කිස ද කරන්නේ ය. බොහෝ කලක් කුලවංශය ...