අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

5.1.4.8. සද්‌ධා සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 4. සුමනා වර්ගය

මහණෙනි, සැදැහිති කුලපුත් කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්: මහණෙනි, ලොකයෙහි පරනට අනුග්‍රහ කරණ යම් ඒ ශාන්ත සත්පුරුෂ කෙනෙක් වෙත් නම්, ඔහු පළමු ම සැදැහැතියහුට ම අනුග්‍රහ කරත්. සැදැහැ නැතියහුට එසේ නො කෙරෙත්. එළඹෙන්නාහු සැදැහැතියහු කරා ම එළඹෙත්. සැදැහැ නැතියහු කරා එසේ නො එළඹෙත්. පිළිගන්නාහු පළමු සැදැහැතියහු ම පිළිගන්නාහ. සැදැහැ නැතියහු නො පිළිගණිත්. දම් දෙසන්නාහු පළමු ම සැදැහැතියහුට ම දෙසත්. සැදැහැ නැතියනට නො දෙසත්. සැදැහැතියේ කාබුන් මරණින් මතු ...

5.1.4.7. භොජන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 4. සුමනා වර්ගය

මහණෙනි, බොජුන් දෙන දායක ප්‍රතිග්‍රාහකයන්ට (පිළිගාවනට) පස්කරුණක් දෙයි. කවර පස්කරුණෙක යත්: ආයුෂ දෙයි. ශරීරවර්ණය දෙයි, කායිකචෛතසිකසුඛය දෙයි. යුක්තමුක්ත ප්‍රතිභානය දෙයි. ආයුෂය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්ණය දී ... සුඛය දී ... බලය දී ... ප්‍රතිභානය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ප්‍රතිභානයට හිමි වෙයි. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට මෙ පස් කරුණු දෙයි. ආයුෂය දෙන බලය දෙන, ධෛර්ය්‍යසම්පන්න වූ ඒ ප්‍රාඥා සුවයට පැමිණෙයි. ආයුෂය ද බලය ද වර්ණය ද සුඛය ද ප්‍රතිභානය ද දී ...

5.1.4.6. කාලදාන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 4. සුමනා වර්ගය

මහණෙනි, මේ කාලදානයෝ පස්දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්: ආගන්තුකයා හට දන් දෙයි. ගමිකහට දන් දෙයි. ගිලනාහට දන් දෙයි. දුර්භික්‍ෂයෙහි දන් දෙයි. යම් ඒ නවසශ්‍ය - නවඵල කෙනෙක් වෙත් නම් එය පළමු කොට සිල්වතුන් කෙරෙහි පිහිටුවයි. මහණෙනි, මේ වනාහි කාලදානයෝ පස්දෙන වෙති යි. හළ මසුරුමල ඇති භාෂිතඥ (බස දන්නා) වූ සප්‍රාඥයෝ නිසි කල්හි දන් දෙති. තාදී ගුණ ඇති ඍජුභූත ආර්‍ය්‍යයන් කෙරෙහි නිසි කල්හි පහන් සිතින් දුන් දැයෙක් වේ නම් ඔහුගේ දක්‍ෂිණාව විපුල වෙයි. එහි යම් කෙනෙක් අනුමෝදන් වෙත් ද, ...

5.1.4.5. දානානිසංස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 4. සුමනා වර්ගය

මහණෙනි, දානයෙහි මෙ අනුසස් හු පස්දෙනෙක් වෙති. පස්දෙන කවරයහ යත්: බොහෝ දෙනහට ප්‍රිය - මනාප වෙයි. ශාන්ත සත්පුරුෂයෝ භජනය කෙරෙත්. කල්‍යාණ කීර්තිශබ්දය උස්ව පැන නැඟේ. ගිහී ධර්මයෙන් (අඛණ්ඩපඤ්චශීලයෙන්) නොතොර වෙයි. කාබුන් මරණින් මතු සුගති සඬ්ඛ්‍යාත ස්වර්ගලොකයෙහි උපදනේ යි. මහණෙනි, දානයෙහි මේ අනුසස්හු පස්දෙන වෙති. සත්පුරුෂ ධර්මය අනුව යන දෙන තැනැත්තේ ප්‍රිය වෙයි. සංයත බ්‍රහ්මචාරී ශාන්ත සත්පුරුෂයෝ ඔහු ඇසුරු කෙරෙත්. ඔහු ඔහට හැමදුක් බැහැර ලන යම් දහමක් දෙසත් ද, මෙ ...

5.1.4.4. සීහසෙනාපති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 4. සුමනා වර්ගය

එකත්පස්ව හුන් සීහ සෙනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සාන්දෘෂ්ටික (තමන් විසින් ම දැක්ක යුතු) දානඵල පණවන්නට හැකිවන සේක් ද හෝ?”යි. සීහය, ‘හැක්කම්හ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සීහය, දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය-මනාප වෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය-මනාප වේ නම්, මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි. තවද සීහය, ශාන්ත සත්පුරුෂයෝ දානපති දායකයා ඇසුරු කෙරෙත්. සීහය, යම් හෙයෙකින් ශාන්ත සත්පුරුෂයෝ දානපති දායකයා ...