අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2.3.15.2.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 15. සමාපත්‌ති වර්ගය

මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඍජුත්‍වය හා මෘදුත්‍වය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.

2.3.15.1.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 15. සමාපත්‌ති වර්ගය

මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: සමාපත්තියෙහි දක්‍ෂ බව හා සමාපත්තියෙන් නැගී සිටීමෙහි දක්‍ෂ බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.

2.3.14.12.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 14. සන්‌ථාර වර්ගය

මහණෙනි, මේ වෛපුල්‍යයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂවෛපුල්‍යය හා ධර්‍මමවෛපුල්‍යය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි වෛපුල්‍යයෝ දෙදෙනාය. මහණෙනි, මේ වෛපුල්‍යයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මවෛපුල්‍යයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.

2.3.14.11.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 14. සන්‌ථාර වර්ගය

මහණෙනි, මේ සන්නිචයයෝ (රැස්කිරීම්) දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසන්නිචය හා ධම්මසන්නිචය හා යන දෙදෙනාය. මහණෙනි, මේ සන්නිචයයන් දෙදෙනා අතුරෙන් යම් ධම්මසන්නිචයයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.

2.3.14.10.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 14. සන්‌ථාර වර්ගය

මහණෙනි, මේ රතනයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂරතනය හා ධර්‍මරතනය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි රතනයෝ දෙදෙනාය. මහණෙනි, මේ රතනයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මරතනයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.