මහණෙනි, මේ වෘද්ධීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂවෘද්ධිය හා ධර්‍මවෘද්ධිය හා යන දෙදෙනා ය. මහණෙනි, මේ වෘද්ධීන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මවෘද්ධියෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
මහණෙනි, මේ ඍද්ධීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂ ඍද්ධිය හා ධර්‍ම ඍද්ධිය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ඍද්ධීහු දෙදෙනාය. මහණෙනි, මේ ඍද්ධීන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම ඍද්ධියෙක් වේ නම් මෙය අග්‍රවේ යයි.
මහණෙනි, මේ ආගන්තුකදානයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසයෙන් කරණ ආගන්තුකදානය හා ධර්‍මමයෙන් කරණ ආගන්තුකදානය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ආගන්තුකදාන දෙකය. මහණෙනි, මේ ආගන්තුකදානයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මයෙන් කරණ ආගන්තුකදානයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
මහණෙනි, මේ පූජාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපූජාව හා ධර්‍මපූජාව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි පූජාවෝ දෙදෙනාය. මහණෙනි, මේ පූජාවන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මපූජාවෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
මහණෙනි, මේ (මුදුන්පත්සෙවීම්) පරියෙට්ඨීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපරියෙට්ඨීය හා ධම්මපරියෙට්ඨීය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි පරියෙට්ඨීහු දෙදෙනාය. මහණෙනි, මේ පරියෙට්ඨීන් දෙදෙනා අතුරෙන් යම් ධම්මපරියෙට්ඨීයෙක් වේ ද, මෙය අග්‍ර වේ යයි.