මහණෙනි, මේ පරියේසනාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපරියේසනාව හා ධම්මපරියේසනාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි පරියෙසනා දෙකය. මහණෙනි, මේ පරියේසනාවන් දෙදෙනා අතුරෙන් යම් ධම්මපරියේසනාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.
මහණෙනි, මේ ඒසනාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසඒසනාව හා ධම්මඒසනාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි ඒසනාවෝ දෙදෙනාය. මහණෙනි, මේ ඒසනාවන් දෙදෙනා අතුරෙන් යම් ධම්මඒසනාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.
මහණෙනි, මේ පටිසන්‍ථාරයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂපටිසන්‍ථාරය හා ධර්‍මපටිසන්‍ථාරය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි පටිසන්‍ථාරයෝ දෙදෙනාය. මහණෙනි, මේ පටිසන්‍ථාරයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මපටිසන්‍ථාරයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
මහණෙනි, මේ සන්‍ථාරයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසන්‍ථාරය හා ධර්‍මසන්‍ථාරය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සන්‍ථාරයෝ දෙදෙනාය. මහණෙනි, මේ සන්‍ථාරයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසන්‍ථාරයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
මහණෙනි, මේ අනුකම්පාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂඅනුකම්පාව හා ධර්‍මානුකම්පාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි අනුකම්පාවෝ දෙදෙනා ය. මහණෙනි, මේ අනුකම්පාවන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මඅනුකම්පාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.