අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

5.1.4.3. උග්‌ගහ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 4. සුමනා වර්ගය

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ කුමරියනට තෙල වදාළ සේක: කුමරියෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මෙන්නේ ය: “වැඩ කැමැති හිත කැමැති අනුකම්පා ඇති මාපියෝ අනුකම්පා හෙතුවෙන් යම් හිමියකුහට දක්වා දෙත් නම්, ඔහට පළමු නැඟී සිටුනා සුල්ලමෝ පස්ව නින්දට යන සුල්ලමෝ කුම් කෙරෙම් දැ යි විමසා කරණ සුල්ලමෝ මනවඩන පරිදි හැසිරෙන සුල්ලමෝ ප්‍රියතෙපුල් බණන සුල්ලමෝ වම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය. කුමරියෙනි, මෙහි මෙසේ හික්මෙන්නේ ය. “මව වේව යි, පියා වේව යි, මහණබමුණෝ ...

5.1.4.2. චුන්‌දි සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 4. සුමනා වර්ගය

එකත්පසෙක හුන් චුන්‍දී රජකුමරි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළා: වහන්ස, අපගේ භ්‍රාතෘ වූ චුන්‍ද නම් රාජකුමාරයෙක් ඇත. හේ මෙසේ කියයි: “යම් ඒ ස්ත්‍රියක් වේ ව යි, පුරුෂයෙක් වේ ව යි, බුදුන් සරණ ගියේ, දහම් සරණ ගියේ, සඟුන් සරණ ගියේ, පණිවායෙන් දුරු වූයේ, අයිනාදනින් දුරු වූයේ, කාමයෙහි මිසහසරින් දුරු වූයේ, මුසවායෙන් දුරු වූයේ, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ ද, හෙ කාබුන් මරණින් මතු සුගතියට ම එළඹේ. දුගතියට නොයේ ය”යි. වහන්ස, තෙල මම් භාග්‍යවතුන් පුළුවුස්නෙමි. වහන්ස, කෙබඳු ශාස්තෘකෙනකුන් ...

5.1.4.1. සුමනා සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 4. සුමනා වර්ගය

එකත් පසෙක හුන් සමන් කුමරි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළා: වහන්ස, මෙ සස්නෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක් ශ්‍රද්ධායෙන් සමයහ. ශීලයෙන් සමයහ. ප්‍රඥායෙන් සමයහ. එකෙක් දායකය. එකෙක් අදායකය. ඔහු කාබුන්මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලොකයට පැමිණෙති. වහන්ස, දෙවි වූ (දායක අදායක වන) ඔවුන්ගේ විශෙෂයෙක් වන්නේ ද වෙනස් කරුණෙක් ඇති ද හෝ?යි. “ඇත, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ දෙවිවූයේම අසෝ ...

5.1.3.10. නාගිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය

නාගිතයෙන්, මම් යශස හා නහමක් සමාගත යෙම්වා, යශස් ද මා හා නහමක් සමාගත වේවා. නාගිතයෙනි, මම් යම් ම නෛෂ්ක්‍රම්‍ය සුඛයක් ප්‍රවිවෙක සුඛයක් ව්‍යපශම සුඛයක් සම්බොධසුඛයක් කැමැති සේ ලබන සුල්ලෙම්, නිදුකින් ලබන සුල්ලෙම්, විපුලසේ ලබන සුල්ලෙම් වෙම් ද, යමෙක් මේ නෛෂ්ක්‍රම්‍ය සුඛය, ප්‍රවිවෙක සුඛය, ව්‍යපශමසුඛය, සම්බොධසුඛය කැමැතිසේ නොලබන සුලුයේ, නිදුකින් නොලබන සුලුයේ විපුලසේ නොලබන සුලුයේ වේ නම්, හෙ ඒ අපවිත්‍ර සුඛය, නිද්‍රාසුඛය, ලාභ සත්කාරයෙන් හා වර්ණභණයෙන් උපදනා සුඛය ...

5.1.3.9. චඞ්‌කමානිසංස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය

මහණෙනි, චංක්‍රමයෙහි මේ අනුසස්හු පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: අධන්ගමන් සැහිය හැකි වෙයි. ප්‍රධන්වීර්ය්‍යයට ක්‍ෂම වෙයි. අල්පාබාධ වෙයි. අසිතය, පීතය, ඛායිතය හා සායිතය සම්‍යක්පරිණාමයට යෙයි. චංක්‍රමාධිෂ්ඨානයෙන් අධිගත සමාධිය චිරස්ථිතික වෙයි. මහණෙනි, මොහු චංක්‍රමයෙහි පඤ්චානිසංස වෙතියි.