අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2.2.7.10.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 7. සුඛ වර්ගය

මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (අර්‍පණාවට හෝ උපචාරයට පැමිණි) සමාධිසුඛය හා (එසේ නො පැමිණි) අසමාධිසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් සමාධිසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.

2.2.7.9.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 7. සුඛ වර්ගය

මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්‍රථම-ද්විතීය-තෘතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) සාතසුඛය හා (චතුර්ථ ධ්‍යාන සඞ්ඛ්‍යාත) උපේක්‍ෂාසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් උපේක්‍ෂාසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.

2.2.7.8.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 7. සුඛ වර්ගය

මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්‍රථම ද්විතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) සප්‍රීතික සුඛය හා (තෘතිය චතුර්ථ ධ්‍යාන සඞ්ඛ්‍යාත) නිෂ්ප්‍රීතික සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිෂ්ප්‍රීතික සුවයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.

2.2.7.7.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 7. සුඛ වර්ගය

මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: කායිකසුඛය හා චෛතසික සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් චෛතසිකසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.

2.2.7.6.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 7. සුඛ වර්ගය

මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: ආර්‍ය්‍යසුඛය හා අනාර්‍ය්‍ය සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් ආර්‍ය්‍යසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.