අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2.2.7.5.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 7. සුඛ වර්ගය

මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (වට්ටගාමීසුඛ සඞ්ඛ්‍යාත) සාමිස සුඛය හා (විවට්ටගාමී සුඛ සඞ්ඛ්‍යාත) නිරාමිස සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිරාමිසසුඛයෙක් වේ ද, තෙල අග්‍ර වේ.

2.2.7.4.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 7. සුඛ වර්ගය

මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (වට්ටසුඛ සඞ්ඛ්‍යාත) සාසවසුඛය හා (විවට්ටසුඛ සඞ්ඛ්‍යාත) අනාසවසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් අනාසවසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.

2.2.7.3.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 7. සුඛ වර්ගය

මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ත්‍රෛභූමකසුඛ සඞ්ඛ්‍යාත) උපධි සුඛය හා (ලොකොත්තරසුඛ සඞ්ඛ්‍යාත) නිරුපධිසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ සුව දෙකය. මහණෙනි, මේ සුඛ දෙක අතුරෙන් යම් නිරුපධිසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.

2.2.7.2.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 7. සුඛ වර්ගය

මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: කාමසුඛය හා නෙක්ඛම්මසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නෙක්ඛම්මසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.

2.2.7.1.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 7. සුඛ වර්ගය

මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: ගිහි සුඛ හා පැවිදි සුඛ හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි මේ සුව දෙක අතුරෙන් යම් පැවිදි සුවයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.