මහණෙනි, යම් අධිකරණයෙක දෙපස වාක් සංසරණය, දිට්ඨිපළාසය, චිත්තයාගේ ආඝාතය අසන්තුෂ්ටිය, අනභිරද්ධිය, අධ්‍යාත්මයෙහි මැනැවින් සන්හිඳුනේ වේ ද, මහණෙනි, මෙය ඒ අධිකරණයෙහි බොහෝ කල් පැවැත්මට රළුබවට සැඩබවට නො වැටෙන්නේය. භික්‍ෂූහු ද සුවසේ වෙසෙන්නාහ යි කැමැති විය යුත්තේ යි.
මහණෙනි, යම් අධිකරණයෙක (උනුන් ආක්‍රොශවශයෙන් සමචලා ගැණීම වූ) වාක්සංසරණය ද, (දෘෂ්ටිය නිසා උපදනා යුගග්‍රාහ සඞ්ඛ්‍යාත) පළාසය ද, චිත්තයෙහි වූ කොපය ද, නොසතුට ද, නො ඇල්ම ද, අධ්‍යාත්මයෙහි මැනැවින් නොසන්හිඳුනේ වේ ද, මහණෙනි, ඒ අධිකරණයෙහි මෙය බොහෝ කල් පැවැත්මට රළුබවට සැඩබවට වැටෙන්නේය. භික්‍ෂූහු ද සුවසේ නො වෙසෙන්නාහ’ යි කැමැති විය යුත්තේ යි.
මහණෙනි, තොපට අසත්පුරුෂ සන්නිවාසය හා සත්පුරුෂසන්නිවාසය දෙසමි. එය අසව ... මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ සන්නිවාසය වේය යත්: කෙසේ නම් අසත්පුරුෂයෝ එක්ව වෙසෙත්ය යත්: මහණෙනි, මෙ සස්නෙහි ස්ථවිර භික්‍ෂූහට මෙබඳු සිතෙක් වෙයි : වැඩිහිටි තෙරද මට නහමක් කියාවා, මධ්‍යම තෙර ද මට නහමක් කියාවා, නවක තෙමේ ද මට නහමක් කියාවා, මම ද මහලු තෙරුන්ට නහමක් කියම්වා, මම මැදුම් තෙරුන් ට ද නහමක් කියම්වා, නවක භික්‍ෂුහට ද නහමක් කියම්වා, මහලු තෙර ද මට කියන්නේ නම්, හිතානුකම්පා නැත්තේ ...
මහණෙනි, මේ ධර්‍ම දෙකක් පිළිබඳව මාගම අතෘප්ත ව නොපසුබට ව සිට කලුරිය කරයි. කවර දෙකක් පිළිබඳවය යත්: මෙවුන්දම්සෙවීම හා ප්‍රසූතිය හා යන දෙක පිළිබඳව යි. මහණෙනි, මේ ධර්‍ම දෙක පිළිබඳ මාගම අතෘප්ත ව නොපසුබට ව සිට කලුරිය කෙරේ ය යි.
මහණෙනි, මේ කරුණු දෙකක් දක්නා කිංපුරුෂයෝ මිනිස්බස් නො බෙණෙත්. කවර දෙකෙක යත්: නහමක් මුසවා බණමෝව යි, මෙරමා අභූතයෙන් නහමක් අභ්‍යාඛ්‍යාන කරමෝ ව යි යන දෙකයි. මහණෙනි, මේ කරුණු දෙක දක්නා කිංපුරුෂයෝ මිනිස්බස් නොබණන්නාහ.