මහණෙනි, මොහු දෙදෙන සෙන ගොහන කල්හි තැති නො ගණිත්: කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව මහණ ද මෘගරාජන් වූ සිංහයා හා දෙදෙනයි. මහණෙනි, මොහු දෙදෙන සෙන ගොහන කල්හි තැති නො ගණිත්.
මහණෙනි, මොහු දෙදෙන සෙන ගිගිරි කරත් ම නො බානහ. කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව තෙමේ ද ආජානෙය අශ්වයා ද යන දෙදෙන යි. මහණෙනි, මේ දෙදෙන සෙන ගුගුරණ කල්හි තැති නො ගණිත්.
මහණෙනි, මොහු දෙදෙනෙක් සෙන ගිගිරි කරණ කල්හි නොබත්. කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව තෙමේ ද ආජානෙය හස්ති තෙමේ ද යන දෙදෙන යි. මහණෙනි, මේ දෙදෙන සෙන ගුගුරත් නො බති.
මහණෙනි, මේ බුදුවරු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා ප්‍රත්‍යෙක බුදුන්වහන්සේ හා දෙදෙනයි. මහණෙනි, මොහු බුදුවරු දෙදෙන වෙත්.
මහණෙනි, මේ ස්තුපාර්‍හයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජ හා දෙදෙනයි. මහණෙනි, මොහු වනාහි ස්තුපාර්‍හයෝ දෙදෙන වෙත්.