අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2.2.6.3.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 6. පුග්‌ගල වර්ගය

මහණෙනි, පුද්ගලයන් දෙදෙනක්හුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාපකර වෙයි. කවර දෙදෙනක්හුගේ ය යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ය, චක්‍රවර්‍තති රජහුගේ ය. මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාප කර වේ.

2.2.6.2.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 6. පුග්‌ගල වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලෝකයෙහි උපදනට සමත් වූවාහු ආශ‍චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපදිත්. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජ හා දෙදෙනයි. මහණෙනි, ලොකයෙහි උපදනට සමත් මේ පුද්ගලයෝ දෙදෙන ආශ‍චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපදනාහ.

2.2.6.1.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 6. පුග්‌ගල වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් උපදනට සමත්වූවාහු ලොකයෙහි බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සුව පිණිස ද බොහෝ දෙනාට වැඩ පිණිස ද දෙවිමිනිසුනට හිත පිණිස ද සුව පිණිස ද උපනාහ. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජහු හා දෙදෙන ය. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන ලොකයෙහි උපදනට සමත්වූවාහු බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සුව පිණිස ද බොහෝ දෙනාට වැඩ පිණිස ද දෙවි මිනිසුනට හිත පිණිස ද සුව පිණිස ද උපදනාහ යි.

2.1.5.10.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 5. පරිස වර්ගය

මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අධර්‍මවාදී පිරිස හා ධර්‍මවාදී පිරිස හා දෙකය. මහණෙනි, අධර්‍මවාදී පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු දැහැමි වූ හෝ නො දැහැමි වූ අධිකරණයක් ගණිත් ද, ඔහු ඒ අධිකරණය ගෙණ උනුන් නො ද හඟවත්. හැඟවීමට නො ද එළඹෙත්. නො ද දක්වත්. දැක්වීමට නො ද එළඹෙත්. නො ඇඟවීම බලය කොට ඇති, නො දැක්වීම බලය කොට ඇති ඔහු (අයුක්ති) දුරලීමට මන්ත්‍රණ නොකරන්නාහු එම අධිකරණ (දෘෂ්ටි) ශක්තියෙන් පරාමර්ශ කොට එයට වැදගෙන ‘මෙය ම සත්‍යය, සෙස්ස තූචඡ’ යි ...

2.1.5.9.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 5. පරිස වර්ගය

මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අධාර්මික පිරිස හා ධාර්මික පිරිස හා දෙකය. ... මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස්දෙක අතුරෙන් යම් මේ ධාර්මික පිරිසෙක් වේ ද, තෙල අග්‍ර වේ.