අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2.1.5.8.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 5. පරිස වර්ගය

මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: විෂම පිරිස හා සමපිරිස හා දෙකය. මහණෙනි, විෂම පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක අධර්‍මකර්‍මයෝ පවතිත් ද, ධර්‍මකර්‍මයෝ නො පවතිත් ද, අවිනය කර්‍මයෝ පවතිත් ද, විනයකර්‍මයෝ නො පවතිත් ද, අධර්‍මකර්‍මයෝ දීප්ත වෙත් ද, ධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත් ද, අවිනයකර්‍මයෝ දීප්ත වෙත් ද, විනයකර්‍මයෝ දීප්ත නො වෙත් ද, මහණෙනි මේ විෂම පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, පිරිස විෂම බැවින් අධර්‍මකර්‍මයෝ පවතිත්. ධර්‍මකර්‍මයෝ නො පවතිත්. අවිනයකර්‍මයෝ පවතිත් ...

2.1.5.7.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 5. පරිස වර්ගය

මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිස (සිවුපස) ගරු කරණ සදහම් ගරු නොකරණ පිරිසය, සදහම් ගරු කරණ ආමිස ගරු නො කරණ පිරිසය යන දෙකය. මහණෙනි, ආමිස ගරු කරණ සදහම් ගරු නො කරණ පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු සුදුවත් හඳනා ගිහියන් පෙරට අසෝ මහණ (සමථවිපස්සනා දෙකින් කෙලෙසුන් කෙරෙන් මිදුනු) උභතොභාගවිමුක්තයෙක, අසෝ මහණ (ශුෂ්කවිදර්ශක ක්‍ෂීණාස්‍රව) ප්‍රඥාවිමුක්තයෙක, අසෝ මහණ (නාමකයින් ධ්‍යානස්පර්‍ශ කොට නිවන් පසක් කළ) කාය ...

2.1.5.6.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 5. පරිස වර්ගය

මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අවිනීත වූ පිළිවිස නොහික්මුනු පිරිසය, දුර්විනීත නො වූ පිළිවිස හික්මුනු පිරිසය යන දෙකය. මහණෙනි, අවිනීත වූ පිළිවිස නො හික්මුනු පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද (පාළි වසයෙන්) ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලොකොත්තර අර්ථය ප්‍රකාශ කරණ (සත්ත්‍ව පුදගල) ශුන්‍යතායෙන් යුත් යම් සූත්‍රාන්ත කෙනෙක් වෙත් ද, ඒ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට නො කැමැති වෙත්, ඇසීමට කන් රුකොට නොගණිත්, දැන ගැණීමට සිත් ...

2.1.5.5.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 5. පරිස වර්ගය

මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: කසළ පිරිස හා නිකසළ පිරිස හා දෙකයි. මහණෙනි, කසළ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට යෙත් ද, ද්වෙෂයෙන් අගතියට යෙත් ද, මොහයෙන් අගතියට යෙත් ද, භයින් අගතියට යෙත් ද, මහණෙනි මේ කසළ පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, නිකසළ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට නො යෙත් ද, ද්වෙෂයෙන් අගතියට නො යෙත් ද, මොහයෙන් අගතියට නො යෙත් ද, භයින් අගතියට නො යෙත් ද, මහණෙනි, ...

2.1.5.4.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 5. පරිස වර්ගය

මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අනාර්‍ය්‍ය (ශ්‍රාවක) පිරිස හා ආර්‍ය්‍ය (ශ්‍රාවක) පිරිස හා දෙකයි. මහණෙනි, අනාර්‍ය්‍ය පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු මේ (තෘෂ්ණාව තබා පඤ්චසකන්‍ධය) දුකැයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (තෘෂ්ණාව) දුඃඛසමුදයයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (තෘෂ්ණාවගේ නැවැත්ම) දුඃඛනිරොධ යයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (අරීඅටඟිමග) දුඃඛනිරොධගමී ප්‍රතිපත්ති යයි තත් වූ පරිදි නො දනිත් ද, මහණෙනි මේ අනාර්‍ය්‍ය පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, ආර්‍ය්‍ය පිරිස ...