මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: (උතුම් පුඟුලන් ඇති හෙයින්) අග්ගවතී නම් පිරිස හා (උතුම් පුඟුලන් නැති හෙයින්) අනග්ගවතී නම් පිරිස හා දෙකයි. මහණෙනි, අනග්ගවතී පිරිස් කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක ස්ථවිර භික්‍ෂූහු (සිවුරු ඈ පිරිකරින්) බාහුලික වෙත් ද, සස්න ලිහිල් කොට ගන්නාහු වෙත් ද, අවක්‍රමණ සඞ්ඛ්‍යාත පඤ්චනීවරණධර්‍මයන් පිරිමෙහි පෙරටු වෙත් ද, ප්‍රවිවෙක සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති වෙත් ද, නොලත් (ධ්‍යාන් - විදර්‍ශනා - මාර්‍ග - ඵල විශෙෂයාගේ) ප්‍රාප්තිය ...
මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: ව්‍යග්‍ර පිරිස හා සමග්‍ර පිරිස හා යන දෙකයි. මහණෙනි, ව්‍යග්‍ර පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු හටගත් පූර්‍වභාග සටන් ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විරුද්ධවාදයට පැමිණියාහු, උනුන් මුවසැතින් විදුනාහු වෙසෙත් ද, මහණෙනි, මේ වර්‍ග පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, සමග්‍ර පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු සමග වූවාහු, සතුටුවන්නාහු විවාද නොකරන්නාහු, කිරි හා දිය මෙන් සැසැඳුනාහු, උනුන් පියනෙතින් බලන්නාහු වෙසෙත් ද, මහණෙනි ...
මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: නොගැඹුරු (ප්‍රකට) පිරිස හා ගැඹුරු (මුවහ) පිරිස හා යන දෙකය. මහණෙනි, නොගැඹුරු පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු වික්‍ෂිප්ත සිත් ඇති වෙත් ද, උස් ව නැඟූනු මාන නළ ඇති වෙත් ද, චපල වෙත් ද, රළුවදන් ඇති වෙත් ද, පලප් ඇති වෙත් ද, මුෂිතස්මෘති වෙත් ද, සම්‍යක්ප්‍රඥා නැති වෙත් ද, සමාධිගත සිත් නැති වෙත් ද, එකඟ නො වූ සිත් ඇති වෙත් ද, භ්‍රාන්ත සිත් ඇති වෙත් ද, (සංවර නොකෙළෙන්) පියවි ඉඳුරන් ඇති වෙත් ද, මහණෙනි, මේ උත්තාන (නොමුවහ) පිරිස යි ...
මහණෙනි, යම් මහණ කෙනෙක් වරදවා ගන්නා ලද පදප්‍රතිරූපක වූ (ශබ්දචින්තායෙන් වරදවා ගන්නට නිසි) සූත්‍රාන්තයෙන් අටුවා ද පෙළ ද පිළිබහන්නාහු ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස ද බොහෝ දෙනාට නොසුව පිණිස ද බොහෝ දෙනාට අනර්ත්ථ පිණිස ද දෙවිමිනිසුනට අහිත පිණිස ද දුක් පිණිස ද පිළිපන්නාහු ය. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුසල් ද රැස් කෙරෙත්. ඔහු ම මේ සස්න ද අතුරුදන් කෙරෙත්. මහණෙනි, යම් මහණ කෙනෙක් මැනැවින් ගන්නා ලද ව්‍යඤ්ජන ප්‍රතිරූපක නොවූ (අක්‍ෂරචින්තායෙන් වැරදි ලෙස ...
මහණෙනි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ වරදවා පිළිපැදුම වර්‍ණනා නො කරමි. මහණෙනි, වරදවා පිළිපන් ගිහියා වේව යි පැවිද්දා වේව යි වරදවා පිළිපැදුම් හෙතුයෙන් විදර්‍ශනා සහිත මාර්‍ගය පුරන්නට නො හැකි වෙයි. මහණෙනි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ නිවැරදි පිළිපැදුම වර්‍ණනා කරමි. මහණෙනි, නිවැරදි ව පිළිපන් ගිහියා වේව යි පැවිද්දා වේව යි නිවැරදි පිළිපැදුම් හේතුයෙන් විදර්‍ශනා සහිත මාර්‍ගය පුරන්නට හැකි වෙයි.