අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2.1.4.8.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 4. සමචිත්‌ත වර්ගය

මහණෙනි, එසේ ම යම් සමයෙක්හි පවිටු භික්‍ෂූහු බලවත් වෙත් ද, එසමයෙහි පේශල භික්‍ෂූහු දුර්‍වල වෙත්. මහණෙනි, එසමයෙහි පේශල භික්‍ෂූහු පුන පුනා නිශ්ශබ‍ද වූවාහු සඟ මැද කර බහා හිඳුනාහ. පසල් දනවු හෝ ඇසුරු කරන්නාහ. මහණෙනි, මේ කරුණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ත්ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ. මහණෙනි, යම් කලෙක්හි රජවරු බලවත් වෙත් ද, එසමයෙහි සොරු දුර්‍වල වෙත්. මහණෙනි, එසමයෙහි රජුට (ඇතුළු නුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) ...

2.1.4.7.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 4. සමචිත්‌ත වර්ගය

බ්‍රාහ්මණය, භාග්‍යවත් වූ (සියලු දතයුතු දේ) දන්නා වූ (සියලු දැකිය යුතු දේ හස්‍තමාලකයක් සේ) දක්නා වූ අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරණ ලද වෘද්ධභූමියෙක් හා දහරභූමියෙක් හා ඇත. බ්‍රාහ්මණය, ඉදින් උත්පත්තියෙන් අසූවයස් ඇති හෝ අනූවයස් ඇති හෝ සියක්වස් ඇති හෝ වෘද්ධයෙක් වේ නම් හෙ ද වස්තුකාම ක්ලෙශකාමයන් වළඳ කෙරේ ද, වස්තුකාම ක්ලෙශකාමයෙහි ලා ඉවස්නේ ද, කාමපරිළාහයෙන් දැවේ ද, කාමවිතර්‍කයන් විසින් කනු ලැබේ ද, කම්සුව පිරියෙස්‌ලියට උත්සාහවත් වූයේ ද, එකල්හි හෙ බාලයෙක යන ...

2.1.4.6.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 4. සමචිත්‌ත වර්ගය

භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියයන් හා සමග විවාද කෙරෙත් නම්, බ්‍රහ්මණයෝ ද බ්‍රාහ්මණයන් හා සමග විවද කෙරෙත් නම්, ගැහැවියෝ ද ගැහැවියන් හා සමග විවාද කෙරෙත් නම්, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය? [කසයින්තෙරහු:] බ්‍රාහ්මණය, කාමරාගයෙහි වැද ගැණුම ය, වෙසෙසින් බැඳීම ය, එරුණු ය, මැඩැගැණුම ය, ගිල ගැණුමය යන මේ හේතු කොට ගෙණ ම ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියයන් හා සමග විවාද කෙරෙති. බ්‍රහ්මණයෝ ද බ්‍රාහ්මණයන් හා සමග විවද කෙරෙති. ගැහැවියෝ ද ගැහැවියන් හා සමග විවාද කෙරෙති ...

2.1.4.5. සමචිත්තපරියාය සූත්‍රය*

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 4. සමචිත්‌ත වර්ගය

ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ තෙල සුත්‍රය දෙසූහ: ඇවැත්නි, අධ්‍යාත්මසංයෝජන ඇති පුද්ගලයා හා බාහිර සංයෝජන ඇති පුද්ගලයා හා දෙසමි. එය අසව මොනොවට මෙනෙහි කරව. දෙසමි යී. ඇවැත්නි, එසේ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ: ඇවැත්නි, අධ්‍යාත්මසංයෝජන ඇති පුද‍ගල තෙමේ කවරේ ය? ඇවැත්නි, මේ ශාසනයෙන් මහණ තෙමේ සිල්වත් වෙයි. ප්‍රාතිමොක්‍ෂසංවරශීලයෙන් සමන්‍වාගතවූයේ ආචාරගෝචර සම්‍පන්‍න වූයේ වෙසෙයි. අල්පමාත්‍ර වූ ද ...

2.1.4.4.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 4. සමචිත්‌ත වර්ගය

ගෘහපතිය, ලොකයෙහි දක්‍ෂිණාවට සුදුස්සො දෙදෙනෙක් වෙති. ශෛක්‍ෂ තෙමේ ය, අශෛක්‍ෂ තෙමේ ය යන දෙදෙනා යි. ගෘහපතිය, ලොකයෙහි මේ දක්‍ෂිණාවට සුදුස්සෝ දෙදෙන වෙත්. මොවුන් කෙරෙහි දන් දිය යුතු වේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා ඉක්බිති සුගත වූ ශාස්තෲන් වහන්සේ තෙල ගය ද වදාළසේක. මේ ලොකයෙහි ශෛක්‍ෂ තෙමේ ද අශෛක්‍ෂ තෙමේ ද යාග කරනුවනට ආහුණෙය්‍ය (ඇරැදෙන්නටඅර්‍හ) වෙති. ඔහු කයින් ද වචනයෙන් ද යලි සිතින් ද ඍජු වෙති. යාග කරන්නන්හට එය කෙත වෙයි මෙහි දෙන ලද්දේ ...