එකත් පසෙක හුන් ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්සේ කෙබඳු වාද ඇතිසේක් ද? කුමක් වදාරණ දැ ද? [භගවත්හු:] බ්‍රාහ්මණය, මම ක්‍රියාවාදීත් වෙමි, අක්‍රියවාදීත් වෙමි. [බමුණු:] කිසෙයින් භවත් ගෞතමයන් වහන්සේ ක්‍රියාවාදීත් අක්‍රියවාදීත් වන සේක් ද? [භගවත්හු:] බ්‍රාහ්මණය, මම කායදුශ්චරිතයාගේත් වාග්දුශ්චරිතයාගේත් මනොදුශ්චරිතයාගේත් අක්‍රියාව (නො කිරීම) කියමි. නන්වැදෑරුම් ලාමක අකුශලධර්‍මයන්ගේ නොකිරීම කියමි. බ්‍රාහ්මණය, මම කායසුචරිතයාගේත් ...
මහණෙනි, මම මවට ද පියාට දැයි දෙදෙනාට ප්‍රත්‍යුපකාරය සුකරය යි නො කියමි. මහණෙනි, ශතවර්‍ෂායුෂ්ක වූ යමෙක් සියවස් ජීවත් වන්නේ එක් අංසයෙකින් මව පිළිදගින්නේ එක් අංසයෙකින් පියා පිළිදගින්නේ වේ ද, හේ ම ඔවුන්ගේ සිරුරු සුවඳ සුණු ඉළීමෙන් හා අත්පා පිරිමැදීමෙන් හා සිහිල්පැන් හුණුපැන් නෑවීමෙන් හා අඞ්ගසම්බාහනයෙන් හා උපස්ථාන කෙරේ ද, ඔහුත් ඒ අංසයෙහි ම හිඳ මල මුත්‍ර පහකරන්නාහු නම්, මහණෙනි, හේ එසේ ද වුව, මවුපියන්ට උපකාරයෙක් හෝ ප්‍රත්‍යුපකාරයෙක් හෝ නොවේ මැයි. මහණෙනි, බොහෝ ...
මහණෙනි, අසත්පුරුෂ භූමිය කවර? මහණෙනි, අසත්පුරුෂ තෙමේ අකෘතඥ වෙයි, කෙළෙහිගුණ පාළකොට නො දන්නේ ද වෙයි. මහණෙනි, යම් මේ අකෘතඥ බවෙක් වේ ද, අකෘතවෙදී බවෙක් වේ ද, මෙය අසත්පුරුෂයන් විසින් ම පසස්නා ලදී. මහණෙනි, යම් අකෘතඥ බවෙක් අකෘතවෙදී බවෙක් වේ ද, මේ සම්පූර්‍ණ අසත්පුරුෂ භූමිය වෙයි. මහණෙනි, සත්පුරුෂ භූමිය කවර? මහණෙනි, සත්පුරුෂ තෙමේ කෘතඥ වූයේ කෘතවෙදී වූයේ වේ. මහණෙනි, තෙල කෘතඥ බවෙක් කෘතවෙදී බවෙක් වේ ද, මෙය සත්පුරුෂයන් විසින් ම පසස්නා ලදී. මහණෙනි, තෙල කෘතඥ බවෙක් කෘතවෙදී ...
මහණෙනි, මේ විද්‍යාභාගීය ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශමථය හා විදර්‍ශනාව හා යන දෙදෙනායි. මහණෙනි, ශමථය වඩන ලද්දේ කිනම් අර්ථයක් සපයා ද? මාර්‍ගචිත්තය වැඩෙයි. වැඩුනු සිත කිනම් අර්ථයක් සපයා ද?යම් රාගයෙක් වේ නම්, එය පැහෙයි (ප්‍රහීණ වේ.) මහණෙනි, විදර්‍ශනාව වඩන ලද්දී කිනම් අර්ථයක් සපයා ද? මාර්‍ගප්‍රඥාව වැඩෙයි. වැඩුනු ප්‍රඥාව කිනම් අර්ථයක් සපයා ද? යම් අවිද්‍යායෙක් වේ නම් එය පැහෙයි. මහණෙනි, රාගයෙන් කිලිටි වූ සිත නො මිදෙයි. අවිද්‍යායෙන් කිලිටි වූ ප්‍රඥාව නො වැඩෙයි. මහණෙනි, මෙසේ ...
මහණෙනි, මම කරුණු දෙකක් දක්නෙම් අරන් ද, වනපෙත් ද, ගැඹුරු වල් ද යන සෙනසුන් සෙවනය කරමි. කවර දෙකෙක යත්: තමන්හට ඉහාත්මසුඛවිහරණය දක්නෙම් හෝ පශ්චිමජනතාවට අනුකම්පා කරන්නෙම් හෝ යි මහණෙනි, මම මේ කරුණු දෙක දක්නෙම් අරන් ද, වනපෙත් ද, ගැඹුරු වල් ද යන සෙනසුන් සෙවනය කරමි.