අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2.1.3.9.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 3. බාල වර්ගය

මහණෙනි, දුශ්ශීලයාගේ පිළිගාවෝ (ප්‍රතිග්‍රාහකයෝ) දෙදෙනෙකි. නිරය හෝ තිරිසන් යොනිය හෝ යි. මහණෙනි, සිල්වත්හුගේ පිළිගාවෝ දෙදෙනෙකි. දෙවියෝ හෝ මනුෂ්‍යයෝ හෝ යි.

2.1.3.8.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 3. බාල වර්ගය

මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිකයාට නිරය හෝ තිරිසන් යොනිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි. මහණෙනි, සම්‍යක්දෘෂ‍්ටිකයාට දෙවගතිය හෝ මනුෂ්‍යගතිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.

2.1.3.7.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 3. බාල වර්ගය

මහණෙනි, නො පිළිසන් කමත්හට දේවගතිය හෝ මනුෂ්‍යගතිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.

2.1.3.6.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 3. බාල වර්ගය

මහණෙනි, පිළිසන්කමත්හට (පව්කම් ඇත්තහුට) නිරය හෝ තිරිසන් යෝනිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.

2.1.3.5.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 3. බාල වර්ගය

මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන නො කෙරෙත්. කවර දෙදෙන යත් : යමෙක් එළවා කිය යුතු අරුත් ඇති සූත්‍රාන්තය එළවා කිය යුතු අරුත් ඇති සූත්‍රාන්තය යි දක්වා ද, යමෙකුත් හෙළි කළ අරුත් ඇති සූත්‍රාන්තය හෙළි කළ අරුත් ඇති සූත්‍රාන්තය යි දක්වා ද, (යන මේ දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන නො කෙරෙත්.