අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

11.4.4. දෙවපද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 4. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

මහණෙනි, නො පිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස මේ දෙවියන්ගේ දෙව්පිය සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ පළමුවන දෙව්පිය ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට වදාරන ...

11.4.3. තතියාභිසන්‌ද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 4. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යගඞ්ගා කුශලගඞ්ගා සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ පළමුවන පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ නුවණැත්තේ වෙයි. උදයව්‍යය පිරිසිඳ දැනීමට සමත් වූ ආර්‍ය්‍ය වූ නිර්වෙදයට හිත වූ ...

11.4.2. දුතියාභිසන්‌ද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 4. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ පළමුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ මුදන ලද ත්‍යාග ඇත්තේ (ත්‍යාගශීලී වූයේ) (ආවවුන්ට දීම පිණිස) ...

11.4.1. අභිසන්‌ද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 4. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ පළමුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත ‍අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය ... විඥයන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි ධර්‍මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය ...

11.3.10. නන්‌දක සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 3. සරකානි වර්ගය

එකත්පස් ව හුන් නන්දක නම් ලිච්ඡවි මහාමාත්‍රයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. නන්දක, සිවු දහමෙකින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: ... නන්දක, මේ සිවු දහමින් යුතු අරීසවු තෙමේ දෙව්මුවා වූත් මිනිස්මුවා වූත් ආයුෂයෙන් යුතු වූයේ වෙයි. වර්ණයෙන් ... සුවයෙන් ... යසසින් ... දෙව්මුවා වූත් මිනිස්මුවා වූත් අධිපති බැවින් යුතු වූයේ වෙයි. නන්දක, මම එය අන් මහණකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නො කියමි. වැලිදු යමක් මවිසින් තමා ම දන්නා ...