අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

11.3.9. බික්ඛු සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 3. සරකානි වර්ගය

එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකක්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ මේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද් ද, මේ සිවුසෝවන් අඟින් යුතු වූයේ වේ ද, මේ අරීනය ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිඳුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වනුයේ “ක්‍ෂය වූ නිරය ඇතියෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇතියෙම් ක්‍ෂය වූ ප්‍රෙතවිෂය ඇතියෙම් ක්‍ෂය වූ අපායදුර්ගතිවිනිපාත ඇතියෙම් වෙමි. මම විවස ව නො හෙන සුලු ...

11.3.8. තතිය අනාථපිණ්‌ඩික සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 3. සරකානි වර්ගය

එකත්පසෙක හුන් අනේපිඬුගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ගැහැවි, යම් කලෙක අරීසවුහුගේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද්ද, සිවු සෝවන් අඟිනුත් යුතු වූයේ වේ ද, අරී නයත් ඔහු විසින් නුවණින් මනාකොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ “ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපායදුර්ගතිවිනිපාත ඇත්තෙම් වෙමි. මම විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් වෙමි” යි තෙමේ ම තමා පවසන්නේ ය. ...

11.3.7. දුතිය අනාථපිණ්‌ඩික සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 3. සරකානි වර්ගය

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන අනේපිඬුගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹියහ ... ගැහැවිය, සිවුදහමෙකින් යුතු නූගන් පුහුදුන්හට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හෙතු වූ මරණ බියෙක් වෙයි. කවර සිවුදහමෙකින් ද යත්: ගැහැවි, මෙහි නූගත් පුහුදුන් තෙමේ බුදුරජානණන් වහන්සේ කෙරෙහි නො පැහැදීමෙන් යුතු වූයේ වෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ ඒ නොපැහැදීමත් තමා කෙරෙහි ලා දක්නා වූ ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හෙතු වූ මරණ බියෙක් ...

11.3.6. අනාථපිණ්‌ඩික සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 3. සරකානි වර්ගය

එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන ආයුෂ්මත් ආනන්ද පසු මහණහු සමග අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹියහ ... ගැහැවිය, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්ගතිවිනිපාත නිරයට පැමිණේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවිය, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන ...

11.3.5. දුතිය සරකානි සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 3. සරකානි වර්ගය

එසමයෙහි සරකානි ශාක්‍යතෙමේ කලුරිය කෙළේ වෙයි. හෙතෙමේ “විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන්”යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි වූ කලී බොහෝ ශාක්‍යයෝ එක් රැස් ව අවමන් කෙරෙත්. ගරහත්, දොස් පහළ කෙරෙත්. “භවත්නි, අසිරි යි. භවත්නි, පුදුම යි. ‘යම් සරකානි නම් ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන්’යී භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද? සරකානි ...