මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත (දුක්) සහිත උපායාස (දැඩි දුකින් උපන් ප්‍රතිඝ) සහිත පරිඩාහ සහිත දුඃඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු දුර්ගති කැමැති විය යුතු. කවර පඤ්චධර්මයෙකින යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා නැති වෙයි. හ්‍රී නැති වෙයි. අපත්‍රපා නැති වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත සහිත උපායාස සහිත පරිඩාහ සහිත දුඃඛවිහරණ කරයි. කාබුන් මරණින් මතුදු දුර්ගති කැමැති විය යුතු යි. මහණෙනි, ...
මහණෙනි, මෙ ශෛක්‍ෂබල පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: සද්ධාබලය හිරිබලය ඔත්තප්පබලය විරියබලය පඤ්ඤාබල යි. මහණෙනි, සද්ධාබල කවරේ ය: මහණෙනි, මේ සස්නෙහි අරීසවු සැදැහැති වෙයි. “මෙකරුණෙනුදු ඒ භගවත්හු අර්හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විජ්ජාචරණසම්පන්නයහ. සුගතයහ. ලොකවිද්හ. අනුත්තරපුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. බුද්ධයහ. භගවත්හ”යි තථාගතයන්ගේ බොධිය (බුද්ධගුණ) හදහන්නේ ය. මහණෙනි, මෙ ශ්‍රද්ධාබලය යි කියනු ලැබේ. මහණෙනි, හිරිබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවූ ...
මහණෙනි, මේ ශෛක්‍ෂ (සෝවාන් ආදි හික්මෙන සත්දෙනගේ) බලයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: සද්ධාබලය, හිරිබලය, ඔත්තප්පබලය, විරියබලය, පඤ්ඤාබල යි. මහණෙනි, මොහු පඤ්චශෛක්‍ෂබලයෝ යි. මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. ශෛක්‍ෂබලය වූ සද්ධා බලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ හිරිබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ ඔත්තප්පබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ විරියබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ පඤ්ඤාබලයෙන් සමන්‍වාගත වම්හ”යි. මහණෙනි, තොප ...
ස්වකීය දෘෂ්ටිය දැඩි වැ ගෙන වසන්නාවූ යම් කිසි මහණබමුණු කෙනෙක් ‘මේ (අපගේ ලබ්ධිය) මැ සැබව, අන්‍යය තුචඡ යැ’ යි ද කියත් නම්, ඔහු සියල්ලෝ මැ (තමන් වෙන) නින්දාව පුනපුනා එළවත් ද? නොහොත් ඒ දෘෂ්ටි නිමිති කොට ගෙන ප්‍රශංසාත් ලබත් ද? යෙ කෙචි මෙ දිට්ඨිපරිබ්බසානා - ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශෙෂ කොට නිශ්ශෙෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි, තෙල වචනයෙකි, තෙල ‘යෙ කෙචි’ යනු; දිට්ඨිපරිබ්බසානා - දෘෂ්ටිගතික වූ ඇතැම් ...
මහණෙනි, මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්‍ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ සඨභාවයාගේ ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ ... අභිඥා පිණිස ... පරිඥා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරොධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කයෙහි කය නුවණින් දක්නේ ...