එසමයෙහි සරකානිශාක්‍ය තෙමේ කලුරිය කෙළේ වෙයි. හෙතෙමේ විවස ව නො හෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන්”යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි බොහෝ ශාක්‍යයෝ එක් ව රැස් ව අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්. පින්වත්නි, අසිරියි. පින්වත්නි, පුදුමයි. යම් සරකානි ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ විවසව නො හෙන සුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සොවන් යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද, සරකානි ශාක්‍ය තෙමේ ...
එළඹ ගොධාශාක්‍යයන්ට මෙය කී ය: ගොධාවෙනි, “තෙපි විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි දනිවු දැයි? මහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා තුන් දහමෙකින් යුතු ය”යි මම දනිමි. ... භවත් ගොධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා සිවු දහමෙකින් යුතු යයි මම දනිමි. කවර සිවු දහමෙකින යත්: භවත් ගොධාවෙනි, මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ...
එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, මේ කිඹුල්වත්පුරය සමෘද්ධ ද (පලන් අබරණින්) පිණාගියේ ද, බොහෝ දෙනාට හිත ද, ගැවසුණු මිනිසුන් ඇත්තේ ද, හැසුණු වීථි ඇත්තේ ද වෙයි. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ හෝ කුසල්සිත වඩන මහණ කෙනකුන් හෝ ඇසුරු කොට සවස් කල කිඹුල් වතට පිවිසිනුයෙම් නොසන්හුන් ව හැසිරෙන ඇතකු සමගත් එක් වෙමි.නොසන් සුන් ව හැසිරෙන අසකු සමගත් එක් වෙමි. නොසන් සුන් ව හැසිරෙන රියක් සමගත් එක් වෙමි. නොසන්හුන්ව ...
එකත්පසෙක හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, “මේ කිඹුල්වත්නුවර සමෘද්ධ ද (පළන් අබරණින්) පිණාගියේ ද බොහෝ දෙනාට හිත ද ගැවසුණු මිනිසුන් ඇත්තේ ද හැසුණු වීථී ඇත්තේ ද වෙයි. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ හෝ කුසල්සිත වඩන මහණ කෙනකුන් හෝ ඇසුරු කොට සවස්කල කිඹුල්වතට පිවිසෙනුයෙම් නොසන්හුන් ව හැසිරෙන ඇතකු සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන අසකු සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන රියක් සමගත් එක් වෙමි. නොසන්සුන් ...
එකත්පස් ව සිටි ඒ දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ඇවැත්නි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මනා ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හෙතු කොට මෙසේ මෙහි ඇතැම්හු විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන්හ. ඇවැත්නි, ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්‍යකාන්තශීලයෙන් යුතු වීම මනා ...