එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් ... තවුතිසා දෙව්ලොව පහළ වූහ. එකල්හි බොහෝ වූ තව්තිසාවැසි දෙවියෝ ... ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හෙතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ ...
එකත්පස්ව සිටි ඒ දෙවියන්ට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: ඇවැත්නි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හෙතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් දෙශනා කරන ලද්දේ ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් ...
මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම් මිතුරු වු හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවු සෝවන් අඟෙහි සමාදන් කරවියයුතුවහ, වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ. කවර සිවුසෝවන් අඟෙහි යත්: “ඒ,භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුය ... මහණෙනි, පඨවීධාතුවේත් ආපොධාතුවේත් තෙජෝධාතුවේත් ...
මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම්, මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් තොප විසින් ඔහු සිවු සෝවන් අඟෙහි සමාදන් කරවියයුතු ය. වැස්වියයුතු ය. පිහිටුවියයුතු ය. කවර සිවු සෝවන් අඟෙහි යත්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධහ. භගවත්යහ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය. “ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය ... නුවණැන්තවුන් විසින් තමන් තමන් ...
මහණෙනි, සිවුදහමෙකින් යුතු අරීසවු සියලු දුගතිවිනිපාතබිය ඉක්ම වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භාග්‍යවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්‍යකාන්තශීලයෙන් සමන්වාගන වෙයි. මහණෙනි, මේ සිවුදහමෙන් යුතු අරීසවු සියලු දුගති විනිපාතබිය ඉක්ම වූයේ වේ යි.