මහණෙනි, සිවුදහමෙකින් යුතු අරීසවු සියලු දුගතිබිය ඉක්ම වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරැණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෘහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආය්‍යකාන්තශීලයෙන් සමන්වාගන වෙයි. මහණෙනි, මේ සිවුදහමින් යුතු අරීසවු සියලු දුගතිබිය ඉක්ම වූයේ වේ යි.
එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙය වදාළහ: ඇවැත්නි, ආනන්දයෙනි, කෙතෙක් දහම් ප්‍රහාණයෙන් කෙතෙක් දහමින් යුතු වීම හෙතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව “විවස ව නොහෙන සුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවනැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි? ඇවැත්නි, සිවුදහමක් දුරැලීමෙන් සිවුදහමෙකින් යුතු වීම හෙතු කොට මෙසේ මේ ප්‍රජාව “විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවනැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදු. කවර ...
මහණෙනි, යම් පටිපදාවක් එකාන්තනිර්වෙදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බොධිය නිර්වාණය පිණිස පවතී නම් මමත් අරීසසුන්හි (එබඳු) උදයගාමිනී පටිපදාවක් පනවමි. මහණෙනි, යම් පටිපදාවක් එකාන්තනිර්වෙදය පිණිස ... නිර්වාණය පිණිස පවතී නම් ඒ උදයගාමිනීපටිපදාව කවර යත්: මහණෙනි, මෙහි අරීසවු මෙකරුණෙනුදු … “දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්තනික වූ ...
එකත්පසෙක සිටි ඒ මෙහෙණනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මෙහෙණනි, සිවුදහමකින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවුදහමකින යත්: මෙහෙණනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවි මිනිසුන්ට ශාස්තෲ හ, බුද්ධාය හ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්‍යකාන්ත ශීලයෙන් සමන්වාගත වෙයි. මෙහෙණනි, මේ සිවුදහමින් යුතු ...
ආනන්ද, මිනිස් වූවෙක් කලුරිය කරන්නේ නම් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි මා කරා එළඹ මෙකරුණ විචාරන්නහු ය යන යමෙක් ඉදින් ඇද්ද මෙය පුන පුනා අසිරි යි. ආනන්ද, මෙය තථාගතයන්ට වෙහෙසක් ම වන්නේ ය. ආනන්ද, එහෙයින් මෙහිලා යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමැති වන්නේ “මම ක්ෂය වූ නිරය ඇත්තෙම් ක්ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම්, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙම් ක්ෂය වූ අපාය දුර්ගති විනිපාන ඇත්තෙම් වෙමි. විවසව නො වැටෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් ...