අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

11.1.9. තතිය ගිඤ්‌ජකාවසථ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 1. වෙළුද්වාර වර්ගය

ආනන්ද, කලුරිය කළ අසොක මහණ ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසී ය ... ආනන්ද යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්ෂය වූ නිරය ඇතියෙම් ක්ෂය වූ තිරිසන්යොන් ඇතියෙම් ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇතියෙම් ක්ෂය වූ අපාය දුර්ගතිවිනිපාත ඇතියෙම් වෙමි. විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් වෙමි යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම්කැඩපත නම් වූ දහම්නය යි. (පළමුසුතුර මෙන් විතර කටයුතු)

11.1.8. ගිඤ්‌ජකාවසථ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 1. වෙළුද්වාර වර්ගය

“වහන්ස, සාළා නම් මහණ කලුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, නන්දා නම් මෙහෙණ කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් ද? වහන්ස, සුදත්ත නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් ද? වහන්ස, සුජාතා නම් උවැසි කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් දැයි. ආනන්ද කලුරිය කළ සාළා මහණ ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසීය. ආනන්ද කලුරිය කළ ...

11.1.7. වේළුද්වාරෙය්‍ය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 1. වෙළුද්වාර වර්ගය

ගැහැවියෙහි, තමා එළවා දැක්වීම ඇති දහම්නය තොපට දෙශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි ... ගැහැවියෙනි, තමා එළවා දැක්වීම ඇති දහම් නය කවරේ ද යත්: ගැහැවියෙනි, මෙහි අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. මම වනාහි ජීවත් වනු කැමැත්තෙම් නො මැරෙනු කැමැත්තෙම් සුව කැමැත්තෙම් දුකට පිළිකුල් කරන්නෙම් වෙමි. යමෙක් ජීවත් වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුකට පිළිකුල් කරන මා දිවියෙන් තොර කරන්නේ නම් එය මට ප්‍රිය මනාප නො වන්නේ ය. මම ද ජීවත් වනු කැමති නො ...

11.1.6. ථපති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 1. වෙළුද්වාර වර්ගය

එකත් පස්ව හුන් ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් කොසොල් දනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවරින් කොසොල් දනව්වෙහි චාරිකාවට වැඩි සේ කැ”යි අසමෝ නම් එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි ...

11.1.5. දුතිය සාරිපුත්‌ත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 1. වෙළුද්වාර වර්ගය

එකත්පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “සාරිපුත්ත, සෝවාන් අඟ සෝවාන් අඟැයි මෙය කියනු ලැබේ. සාරිපුත්ත, සෝවාන් අඟ කවරේ දැ”යි. වහන්ස, සපුරිස් සෙවුම සෝවාන් අඟෙකි. සදහම් ඇසුම සෝවාන් අඟෙකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අඟෙකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අඟෙකි”යි. සාරිපුත්ත, මැනවි, මැනවි. සාරිපුත්ත, සපුරිස් සෙවුම සෝවාන් අඟෙකි. සදහම් ඇසුම සෝවාන් අඟෙකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අඟෙකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අඟෙකි. සාරිපුත්ත, ...