එකත්පස් ව හුන් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙතෙක් දහමින් යුතු වීම හෙතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නො වැටෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවාන් යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක් දැ”යි. ඇවැත්නි, සිවුදහමකින් යුතුවීම හෙතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවාන් යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. කවර සිවුදහමෙකින් ද යත්: ඇවැත්නි, මෙහි අරීසවු තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ ...
දීඝාවු, එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමි. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවත්තනික වූ ආර්යකාන්තශීලයෙන් සමන්වාගත වන්නෙමි”යි. දීඝාවු, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සිවු සෝවාන් අඞ්ග කෙනෙක් වදාරන ලද්දාහු ද ඒ දහම්හු මා කෙරෙහි ඇත. මමත් ඒ දහම් කෙරෙහි දක්නා ...
මහණෙනි, සිවුදහමින් යුතු අරීසවුතෙමේ විවස ව නොවැටෙන සුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවාන් වේ. කවර සිවු දහමින් ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වෙයි. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු”යි. ධර්මය කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝතෙමේ ...
මහණෙනි, සක්විති රජ සිවුදිවයිනෙහි ඉසුරු බැවින්යුත් අධිපති බව ඇති රජය කරවා කාබුන් මරණින් මතු සුගති සගලොව තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණේ ද, හෙතෙමේ එහි නඳුනුයනෙහි අසරසුමුයෙන් පිරිවරන ලදු ව දිව්‍යමය වූ පස්කම්ගුණෙන් යුතු ව සමන්විත ව ඉඳුරන් පිණවා ද එහෙත් හෙතෙමේ සිවු දහමින් නොයුතු ය. (එහෙයින්) හෙතෙමේ නිරයෙන් නො මිදුනේ ම ය. තිරිසන් යොනියෙන් නොමිදුනේ ම ය. ප්‍රෙතවිෂයෙන් නො මිදුනේ ම ය. අපායදුග්ගවිනිපාතයෙන් නො මිදුනේ ම ය. මහණෙනි, අරීසවුතෙමේ පිඬුසිඟීමෙන් යැපේ ද, කඩමලු ...
මහණෙනි, ආනාපානසතිසමාධිය ... ආස්‍රවක්‍ෂය පිණිස පවතී යි.