(ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) ආලය සඞ්ඛ්‍යාත ඔකය දුරැලූ ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටලෝ දහම්හි නො සැලෙන, අනාගත ප්‍රාර්ථනා සඞ්ඛ්‍යාත නන්දිය දුරැලූ, චතුරොඝය තරණය කළා වූ, කෙලෙසුන් කෙරෙන් මිදුණු, තෘෂ්ණා-දෘෂ්ටි කල්ප දුරැලූ, ශොභන ප්‍රඥා ඇති බුදුරදුන් වෙසෙසින් අයදිමි. නාග වූ මුඹ වහන්සේ ගේ වදන් අසා (බොහෝ ජනයෝ) මේ පහණසෑයෙන් නික්ම යෙත්. ඔකං ජහං තණ්හච්ඡිදං අනෙජං - 'ඔකං ජහං' යනු: රූපධාතුයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් ...
(ආයුෂ්මත් ජතුකණ්ණිමාණවක මෙසේ විචාරයි:) වීරයන් වහන්ස, මම් මුඹ වහන්සේ (කාමයන් නො කැමැති හෙයින්) අකාමකාමී වූ ඔඝය ඉක්ම වූ කෙනකු යැ යි අසා නිෂ්කාම වූ භාග්‍යවතුන් පුළුවුස්නට ආයෙමි. සහජාත වූ ඥානචක්ෂුස ඇතියාණෙනි, ශාන්තිය හා ශාන්තිපදය (නිවන්) හා වදාළ මැනැව. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ තථ්‍ය වූ පරිදි වදාළ මැනැවි. සුත්‍වානහං වීර අකාමකාමිං - ‘සුත්වා’ යනු: ඒ භාග්‍යවත්හු මෙ කරුණිනුදු අර්හත්හ... බුද්ධයහ භාග්‍යවත්හ’යි අසා අසාගෙන ඉගෙ ...
(ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකාණන් වහන්ස, (පෙර-අපර කෙළවර රහිත බැවින්) මධ්‍ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඔඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව වදාළ මැනැව. මුඹ වහන්සේ වැළිත් යම්සේ මෙදුක යළි නො වන්නේ නම් එසෙයින් මට ප්‍රතිෂ්ඨාව වදාළ මැනැවි. මජ්ඣෙ සරස්මිං තිට්ඨතං - ‘සරො’යි සංසාරය කියනු ලැබෙයි, පෙර භවයෙන් මෙහි ඊම මෙයින් පරලොවට යෑම භවයෙන් භවයට යෑමඊම ...
(ආයුෂ්මත් තොදෙය්‍ය මාණවක මෙසේ විචාරයි). යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද යමක්හට තෘෂ්ණාව නැද්ද යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද ඔහුගේ විමොක්ෂය කෙබඳු ද? යස්මිං කාමා න වසන්ති යනු: යමක්හු කෙරෙහි කාමයෝ (ප්‍රථමොත්පන්නදෘෂ්ටි විසින්) නො වෙසෙත් ද වැද නො වෙසෙත් ද වෙසෙසින් නො වෙසෙත් ද සර්වප්‍රකාරයෙන් නො වෙසෙත් දැයි ‘යස්මිං කාමා න වසන්තිති’ යනු වේ. ඉච්චායස්මා තොදෙය්‍යො යනු... තණ්හා යස්ස න විජ්ජති යනු: තෘෂ්ණාව යමක් ...
(ආයුෂ්මත් හේමක මාණවක මෙසේ විචාරයි; ) භාග්‍යවතුන් වහන්ස, පෙර (බාවරි බ්‍රාහ්මණාදි) යම් කෙනෙක් ගෞතමශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’යි (යම් දහමක්) මට ප්‍රකාශ කළාහු ද එ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් (ඉතිහීතිහ) කථායෙක. එ හැම (කාමවිතර්කාදි) තර්ක වඩනාසුලු යැ.මම් එහි නො ඇලුණෙමි. යෙ මෙ පුබ්බෙ වියාකාංසු- ‘යෙ’යනු: යම් බාවරි නම් බමුණු කෙනෙක් වෙත් ද ඹවුන්ගේ ආචාර්‍ය්‍ය වූ අන්‍ය වූ යම් කෙනෙකුත් වූහූ ද ඔහු ස්වකීය දෘෂ්ටිය ස්වකීය ක්ෂාන්තිය ...