අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.1.1.7. සොභෙන්ති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 1. භණ්‌ඩගාම වර්ගය

7. මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සතර පුද්ගල කෙනෙක් සඞ්ඝයා හොබවත්. කවර සතර කෙනෙක යත්: මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණ සඟුන් හොබවයි. මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මෙහෙණ සඟුන් හොබවයි. මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසක සඟුන් හොබවයි. මහණෙනි, ව්‍යක්ත, ... උපාසිකා ...

4.1.1.6. අප්පස්සුත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 1. භණ්‌ඩගාම වර්ගය

6. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලොකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: ශ්‍රැතයෙන් උපපන්න නොවූ (සිද්ධිප්‍රාප්ත නොවූ) අල්පශ්‍රැත ය. ශ්‍රැතයෙන් උපපන්න වූ අල්පශ්‍රැත ය. ශ්‍රැතයෙන් අනුපපන්න වූ බහුශ්‍රැත ය. ශ්‍රැතයෙන් උපපන්න වූ බහුශ්‍රැත යි. මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න අල්පශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙසස්නෙහි කිසි යම් පුඟුලකු විසින් සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟසසුන් මඳක් අසන ලද්දේ වෙයි. ...

4.1.1.5. අනුසෝත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 1. භණ්‌ඩගාම වර්ගය

5. මහණෙනි, පුද්ගලයෝ සතර දෙනෙක් ලොකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්: අනුසොතගාමී පුද්ගලය, පටිසොතගාමී පුද්ගලය, ඨිතත්ත පුද්ගලය, ඔඝතරණය කොට සිටි එහෙයින් ම පරතෙරට ගිය නිවන් තෙලෙහි සිටුනා ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ යි. මහණෙනි, අනුසොතගාමී පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වස්තුකාමයන් ද සෙවුනේ ය. පස්පව් ද කෙරේ. මහණෙනි, මේ අනුසොතගාමී පුද්ගල යි කියනු ලැබේ. මහණෙනි, පටිසොතගාමී පුද්ගල නම් කවරේය? මහණෙනි, ...

4.1.1.4. දුතියඛත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 1. භණ්‌ඩගාම වර්ගය

4. මහණෙනි, සතර දෙනෙකු කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සැරු (එහෙයින් ම) නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දොෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි. කවර සතර දෙනකු කෙරෙහිය යත්: මහණෙනි, මෑනියන් කෙරෙහි වරදවා පිළිපදනා අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සැරු නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දොෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි. මහණෙනි, ...

4.1.1.3. පඨමඛත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 1. භණ්‌ඩගාම වර්ගය

3. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණ විසින් සාළ (එහෙයින් ම) නට, ආත්මය (ස්වසන්තානය) පස්වටයි. නුවණැත්තනට දොස් සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ අකුසල්ද රැස් කෙරෙයි. කවර කරුණෙන යත්: නොදැන (විමසීම් විසින්) නො බැස ගෙණ නුගුණ කියයුත්තහුගේ ගුණ කියයි. නොදැන නො බැස ගෙණ ගුණ වැණිය යුත්තහුගේ අගුණ කියයි. නොදැන නො බැස ගෙණ නොපහදනහට නිසි කරුණෙහි පැහැදීම උපදවයි. නොදැන නො බැස ගෙණ පහදනහට ...