අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.1.1.2. පපතිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 1. භණ්‌ඩගාම වර්ගය

[සැවැත් නිදානයි:] 2. මහණෙනි, සතර කරුණෙකින් අසමන්‍වාගත පුද්ගල මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ. කවර සතර කරුණෙන යත්: මහණෙනි, නිර්‍දොෂ ශීලයෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ. මහණෙනි, නිර්‍දොෂ සමාධියෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ. මහණෙනි, නිර්‍දොෂ ප්‍රඥායෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ. මහණෙනි, නිර්‍දොෂ විමුක්තියෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ. ...

4.1.1.1. අනුබුද්ධ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 1. භණ්‌ඩගාම වර්ගය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑරට භණ්ඩගාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි … මහණෙනි, ධර්‍ම සතර දෙනෙකු අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් (භවයෙන් භවයට ගමන වශයෙන්) දුවන ලදී. (පුන පුනා යාම් ඊම් විසින්) ඇවිදුනා ලදී. නොහොත් මා හා තොපගේ සන්‍ධාවන සංසරණ වී. කවර සතර දෙනෙකුය යත්: මහණෙනි, නිර්‍දොෂ ශීලය අවබොධ නොකිරීමෙන් පසක් නො කිරීමෙන් මා විසිනුදු ...

3. දුට්‌ඨට්‌ඨකසූත්‍රනිර්දේශය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » මහා නිද්දේස පාළි » දුට්‌ඨට්‌ඨකසූත්‍රනිර්දේශය

ඇතැම් (අන්‍යතීර්ථ) කෙනෙක් එකාන්තයෙන් විරුද්ධ සිත් ඇත්තාහු මැ (බුදුනට හා සඟනට) උපවාද කෙරෙති (-නුගුණ කියති.) යළි (ඔවුන් ගෙන් ඇසූ) අන් කෙනෙක් එකාන්තයෙන් 'සැබැවැ' යන සිත් ඇත්තහු මැ උපවාද කෙරෙත්. බුද්ධමුනි තෙම අභූතයෙන් උපන් (තෙල ආක්‍රොශ)වාදයට ද නො පැමිණෙයි. එහෙයින් මුනි තෙම කිසි තැනෙක්හි රාගදි ඛීල (හුල්) නැත්තේ වේ. වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ - ඇතැම් තීර්ථක කෙනෙක් දූෂිත සිත් ඇත්තාහු ප්‍රදූෂිත සිත් ඇත්තාහු විරුද්ධ සිත් ඇත්තාහු ...

[උද්දාන ගාථා]

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » උද්දාන ගාථා

භය, ලක්ඛණ, චින්තී, අච්චය, අයෝනිසෝ, අකුසල, සාවජ්ජ, සබ්‍යාපජ්ඣ, ඛත, මල සූත්‍රය යි (ප්‍රථම - බාල වර්ගයෙහි) දසයෙක. ඤාතක, සාරාණීය, නිරාස, චක්කවත්ති, පචේතන, අපණ්ණක, අත්තව්‍යාබාධ, දෙවලොක, පාඨමපාපණික හා දුතීයපාපණික හා දෙකැ යි සූත්‍ර (ද්විතීය - රථකාර වර්ගයෙහි) දසයෙක. කායසක්ඛි, ගිලාන, සඞ්ඛාර, බහුකාර, අරුකූපම, අසේවිතබ්බ, ජිගුච්ඡිතබ්බ, පුප්ඵභාණී, අන්ධ, අවකුජ්ජ සූත්‍රය යි (තෘතීය - පුග්ගල වර්ගයෙහි) දසයෙක. සබ්‍රහ්මක, ආනන්ද, සාරිපුත්ත, තිදාන, ආළවි, දේවදුත, චතුමහාරාජ, සක්කදෙවරාජ ...

3.8.1–170.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (18) 8. රාගපෙය්‍යාලය

මහණෙනි, රාගයාගේ අභිඥානය (වෙසෙසින් දැනීම) පිණිස දහම්හු තුන් දෙනෙක් වැඩිය යුත්තාහ. කවර තුන් දෙනෙක යත්: සුඤ්ඤතසමාධිය, අනිමිත්තසමාධිය, අප්පණිහිතසමාධි යි. මහණෙනි, රාගයාගේ වෙසෙසින් දැනීම පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ. මහණෙනි, රාගයාගේ පරිජානනය පිණිස - පරික්‍ෂය පිණිස - ප්‍රහාණය පිණිස - ක්‍ෂය පිණිස - ව්‍යය පිණිස - විරාගය පිණිස - නිරොධය පිණිස - ත්‍යාගය පිණිස - දුරලීම පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ. ද්වෙෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ...