අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

3.7.20.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (17) 7. කම්‌මපථ පෙය්‍යාලය

[මහණෙනි, දහම් තුණෙකින් ...] තෙමේත් සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.

3.7.19.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (17) 7. කම්‌මපථ පෙය්‍යාලය

[මහණෙනි, දහම් තුණෙකින් ...] තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි ... එපරිදි නිරයෙහි සිටියේ වේ.

3.7.18.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (17) 7. කම්‌මපථ පෙය්‍යාලය

මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් ව්‍යාපාදයට නොපත් සිතැතියේ වෙයි. මෙරමාත් අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.

3.7.17.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (17) 7. කම්‌මපථ පෙය්‍යාලය

මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.

3.7.16.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (17) 7. කම්‌මපථ පෙය්‍යාලය

මහණෙනි, දහම් තුණෙකින් ... තෙමේත් අභිධ්‍යාබහුල නොවෙයි. මෙරමාත් අනභිධ්‍යාවෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.