(ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ (එහෙයින්) අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශල මූලාදිය දක්නා සුලු වූ භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇත්තමෝ ආම්හ, මෙලොවැ ඍෂිහු යැ මනුෂ්‍යයෝ යැ ක්ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන බොහෝ යාග කරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දෙය ධර්මය පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්‍යවතුන් වහන්ස, එ කරුණ මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැවි. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) මෙලොවැ ...
(ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය මෙසේ පිළිවිත්:) මෙලොවැ කවරෙක් සතුටු වූයේ ද, කවරක්හට (තෘෂ්ණා-දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද, කවරෙක් අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ ම්‍යධයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද, කවරක්හු ‘මහාපුරුෂ’ යයි කියනු සේක් ද, කවරෙක් මෙහි තෘෂ්ණා සිබ්බනිය (ගෙතුම) ඉක්මැ ගියේ දැ? යි” (‘මෙත්තෙය්‍ය’ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) කාමයෙහි (ආදීනව දැක) බඹසර ඇති පහ වූ තෘෂ්ණා ඇති හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින්) දහම් විමසා ...
(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්: ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුණේ) ද? කවර හෙයින් නො පැනේ ද? කිමෙක් ඔහට අභිලෙපන (ලහටු) යැ යි වදාරන සේක් ද? කිමෙක් ඔහට මහද්භය වේ ද? (අජිත යැ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) ලෝවැසි තෙම අවිද්‍යායෙන් නිවෘත යැ. මාත්සර්‍ය්‍ය හෙයින් ප්‍රමාද හෙයින් නො පැනෙයි (ප්‍රකාශ නො වෙයි) තෘෂ්ණාව අභිලෙපන යැ යි කියමි, (ජාත්‍යාදි) දුක ඔහට මහද්භය වෙයි. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) හැම තන්හි (රූපාදි ආයතනයන්හි තෘෂ්ණාදි) ...
වෙද මන්ත්‍රයෙහි පරතෙරට ගිය (බාවරි) බමුණු අකිඤ්චනභාවය (පරිග්‍රභොපකරණයන්ගෙන් විවික්ත බව) පතනුයේ කොසොල් රට රම්‍ය වූ (සැවැත්) නුවරින් නික්මැ දක්ෂිණාපථයට ගියේ යැ. හෙ තෙම අස්සක රජහුගේ ද මූලක රජහුගේ දැයි දෙ රජුන් ගේ දෙ රට ආසන්න පෙදෙසෙහි (හෙවත් ඒ දෙරට අතුරෙහි) ගොදාවරී නදී තීරයෙහි (වූ අසපුයෙහි) කෙණෙසි අහරින් හා වෙනෙහි කඳු මුල් පලයෙන් හා (යැපෙමින්) විසී. ඒ ගොදාවරී තීරය මැ (නොහොත් ඒ බමුණහු මැ) නිසා මහත් වූ ගමෙ ...
පන්සිළුව, මගේ යම් සවු කෙනෙක් මගේ ශාසනය සියල්ලෙන් සියල්ල (මගේ මුළු සස්නම) දැනගන්නාහු ද, ඔහු ආස්‍රවයන්ගේ ක්ෂයයෙන් ආශ්‍රව රහිත වූ, ඵලසමාධිය ද ඵල ඥානය ද මෙ අත්බව්හිම තුමු වෙසෙසිනුවණින් දැන, පසක් කොට, ලැබ වෙසෙත්. යම් කෙනෙක් මෙසස්න සියල්ලෙන් සියල්ල (මුළු සස්න ම) නො දැන ගනිත් ද, ඔහු අවරභාගික සංයෝජනයන් වැනැසීමෙන්, එහි දී පිරිනිවෙන සුලු වැ, එ ලොවින් පෙරළා නො එන සුලු වැ සුදවස් බඹලොවැ ඕපපාතික වැ උපදනාහු වෙති. යම් කෙනෙ ...